IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’ටොයොටා සිහින කාරය ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක්

"ටොයොටා සිහින කාරය ජාත්‍යන්තර චිත්‍ර තරඟය - 2018" අවසන් තරඟකරුවන් 10 දෙනා අතරට ගාල්ල මහින්ද විද්‍යාලයේ වයි.එල්.මලිඳු මිහිසර ප්‍රදීනාත් සිසුවා තේරී සිටියි.

මහින්ද විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලිඳු එම චිත්‍ර තරඟාවලියේ වයස අවුරුදු 12ත් 15ත් අතර වයස් කාණ්ඩයෙන් මෙලෙස අවසන් 10 දෙනා අතරට තේරී සිටින අතර මෙවර දකුණු ආසියාවෙන් ටොයොටා සිහින කාරය චිත්‍ර තරඟයේ අවසන් වටයට තේරී සිටින එකම තරඟකාරුවා ද වීම විශේෂත්වයකි.

වයසු අවුරුදු හතට අඩු කාණ්ඩය, වයස අවුරුද 8ත් - 11ත් අතර කාණ්ඩය හා මලිඳු තේරී සිටින වයස අවුරුදු 12ත් 15ත් අතර වයස් කාණ්ඩය ලෙස වයස් කාණ්ඩ තුනකින් තරඟය පැවැත්වෙයි.

රටවල් අනූවක තරඟකරුවන් අතරින් එක් කාණ්ඩයකින් තරඟකරුවන් 10 දෙනා බැගින් තෝරාගෙන අවසන් වටය සඳහා 30 දෙනෙක් තෝරාගෙන සිටිති. එක් එක් කාණ්ඩයකින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමීමට නියමිතය. 

ටොයොටා සිහින කාරය චිත්‍ර තරඟය මෙවර පැවැත්වෙන්නේ 12වන වතාවට වන අතර ශ්‍රී ලංකාවෙන් මීට පෙර වසරවලදී තරඟකරුවන් අට දෙනකු අවසන් මහා තරඟ සඳහා ඉදිරිපත් කර ඇත. එයින් 2015 හා 2017 වසර වලදී  වයස අවුරුදු හතට අඩු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිව ඇත. 

චිත්‍ර තරඟයේ අවසන් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ජපානයේ දී අගෝස්තු මස 27 වැනිදා සිදුකිරීමට නියමිත ඇති අතර මලිඳුට හා ඔහුගේ දෙමාපියන්ට ඒ සඳහා ජපානයට යෑමට අවස්ථාව හිමිව තිබේ.

මීට අමතරව සෑම කාණ්ඩයකින්ම ලෝකයේ ජනප්‍රියම චිත්‍ර චිත්‍ර තුනක් ද තෝරාගැනීමට ද නියමිතය. මෙලෙස ජනප්‍රියම චිත්‍ර තෝරාගනු ලබන්නේ ටොයොටා සමාගම විසින් වෙබ් අඩවියක පලකරනු ලබන තෝරාගත් චිත්‍රවලට ලෝකයේ ඕනෑම කෙනෙකුට සිය මනාපය පළකිරීමට අවස්ථාව ලබා දෙමිනි. 

ඒ අනුව ශ්‍රී ලාංකික සැමට මලිඳු මිහිසර ප්‍රදීනාත්ගේ "Toyota Time Traveling Car" නමැති චිත්‍රයට සිය කැමැත්ත ප්‍රකාශ කර ඔහුගේ චිත්‍රය ලෝකයේ ජනප්‍රියම චිත්‍රය බටව පත්කිරීමේ අවස්ථාව උදාවී තිබේ.එම අවස්ථාව ජූලි 31 වැනි දින දක්වා පමණක් වලංගු වන අතර එක් අයෙකුට මනපය පල කිරීමට හැකියාව ඇත්තේ එක් වතාවක් පමණි. 



අදහස් (0)

’’ටොයොටා සිහින කාරය ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site