හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම නාන්නේරිය ඔය වැලි ජාවාරම්කරුවන් කීප දෙනෙකු විසින් වනසමින් ඇති නමුත් නීතිය සුරකිය යුතු පිරිස් නින්දේ පසුවන බව ජනතාව චෝදනා කරති .
ජනතාව චෝදනා කරන්නේ කිසිදු බියක් සැකයක් නොමැතිව නාන්නේරිය ඔයට යාබද අචිරිගම සහ සේනපුර (කොරියාව) හා අන්දර වැව ආසන්න ප්‍රදේශ වලින් ගිනි දහවලේ ලොරි රථ ඇතුල් කර නීතිවිරෝධි ලෙස වැලි ප්‍රවාහනය කරන බවයි.
මේ වනවිට මෙම නීතිවිරෝධි ලෙස සිදුවන වැලි කැණිම් නිසා නාන්නේරිය ඔය බරපතල ලෙස හානියට ලක්වී ඇති අතරම මේ වන විටත් කිසිදු රාජ්‍ය නිළධාරියකුගේ අවධානය ලක් නොවීම කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න මතුව තිබේ.
නාන්නේරිය ඔය තුළ සිදුවන වැලි ජාවාරමට අමතරව මේ වන විට වැලි ජාවාරම්කරුවන් නාන්නේරිය ඔය යාබද ඉඩම් කීපයක් හාරමින් වැලි කැපිම සිදුවන ආකාරය දැක ගත හැකිය . එම වැලි හැරීම නිසාද මේ වන විට ඔයට අත්වන ඉරණම බරපතල බව ජනතාව චෝදනා කරති .
මෙම වැලි ජාවාරම නාන්නේරිය ඔයට අයත් මියල්ලෑව සහ අන්දරවැව ග්‍රාම නිළධාරි වසම් තුළ මෙම වැලි ජාවාරම සිදුවන බව කියයි.
එසේම මෙම වැලි ජාවාරම්කරුවන් ලොරි රථ හා ට්‍රැක්ටර් වලින් දහවල් කාලයේ කිසියම් බියක් සැකයකින් තොරව වැලි ජාවාරම සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිළධාරින්ගේ පුර්ණ ආශීර්වාදයෙන් මෙම ජාවාරම සිදුවන බව කියයි.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි ජාවාරම්කරුවෝ නාන්නේරිය ඔයත් වනසති