(ටෝනි කරුණනායක සහ තිලකරත්න දිසානායක)
ගම්පහ නැදගමුව මහ බෝක්කුව අසල ඇල මාර්ගයේ තිබී ඝාතනය කරන ලදැයි සැකකරන තරුණ පුද්ගලයකුගේ මල සිරුරක් අද (25) ගම්පහ පොලිසියේ සහ ගම්වාසීන්ගේ දැනුම් දීමෙන් සොයා ගෙන තිබේ.
අවුරුදු 30ත් 35 අතර වයසේ පසු වු මියගිය තැනැත්තා කවුරුන් ද යන්න අද (25) සවස වනතුරුත් හඳුනා ගෙන නොතිබිණී. මීට දින කීපයකට පෙර මරණයට පත්ව ඇති බවට සැකකරන මියගිය තැනැත්තා කොට කලිසමකින් සහ බැනියමක් ඇඳ තිබූ අතර ඝාතනය කර එම ස්ථානයට ගෙන විත් දමා ඇද්ද යන්න පොලිසිය සැකකරනු ලබයි.
ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය අද (25) සවස මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වමින් මරණකරුගේ මළ සිරුර සහ ස්ථාන පරීක්ෂණ කරනු ලැබීය.
මළ සිරුර ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වැඩිදුරටත් නියම කළාය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ මහබෝක්කුව අසළ මළසිරුරක්