රොමේෂ් මධුෂංඛ
යාපනය,අරියාලෙයි,නෙලුක්කුලම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වු සිඝ්‍රගාමී දුම්රියේ අදාළ යතුරුපැදිය ගැටී ඇති අතර, අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි.
අනතුරින් යාපනය අරියාලෙයි පුම්බුහාර් ප්‍රදේශයේ හා යාපනය මනියම්තෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි චන්ද්‍රකුමාර් නමැති 29 හැවිරිදි තරුණයකු හා රාජගෝපාල් ක්‍රිෂාන් නමැති 27 හැවිරිදි තරුණයකු ජිවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනෙක් පුද්ගලයා ද බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd