ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකන පුද්ගලයෙකු අද (26) අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය පවසයි.
27 හැවිරිදි සැකකරු හබරාදුව,පෝද්දල,ගාල්ල,අක්මීමණ යන පොලිස් වසම් තුලදී රන් මාල 10ක් පමණ කොල්ලකා ඇති බව සැකකරුගෙන් පොලිසිය කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
මෙයින් රන් මාල 06ක් පමණ උගස් මධ්‍යස්ථාන වෙත උගස්කර තිබියදී පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරු සමඟ පොලීසිය භාරයට ගත් රන් මාල තොගය හෙට (27) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි කාලයේදී නාම යෝජනා ලබා ගෙන කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වුනොත් මේ චුදිතයා ජයග්‍රහණය කරන බව විශ්වාසයි!