(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම ඉතා සංවිධානාත්මකව හෙරොයින් මත්කුඩු විකිණීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය සමඟ සිටි පිරිමි අයෙකු හොරෝයින් මිලිග්‍රෑම් 4800ක් සමඟ නිල්පනාගොඩ ප්‍රදේශයේ ලැගුම්හළක දී අද (26) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර සැකකාර කුඩු දොණි නැමති කාන්තාව හා ඇය සමඟ සිටි පිරිමි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමේදී ඔවුන් දෙදෙනාගේ ශරීරයේ පුරා කුඩු පැකට් සඟවාගෙන සිටියදී පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබිණි.
කුඩු දෝණි නැමති මෙම කාන්තාවකගේ සැමියා ද මීට මාස කීපයකට පෙර හෙරෝයින් විකිණීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd