මැදියමේ තරුණිය හමුවීමට ගිය තරුණයාට පහර දී යතුරුපැදිය සොරාගනී මුහුණු පොත ඔස්සේ හඳුනාගත් තරුණියක් හමුවීම සඳහා මැදියම් රාත්‍රීයේ යතුරුපැදියකින් තලගහ විජයානන්ද මාවතේ ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී තරුණයා පැමිණි යතුරුපැදිය කොල්ලකා ගෙන පලා ගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි. 23 July 2018
යාපනයේ ඉඩමක් ඩෝසර් කරද්දී ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවෙයි යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් නාවල්ලඩි ප්‍රදේශයේ වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමු වී ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි. 23 July 2018
රොකතැන්න රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10කට හානි හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොකතැන්න ඉහළ කොටස රක්ෂිතයේ අද (22) හවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි හාලිඇල පොලීසිය පවසයි. 22 July 2018
වන අලි පහර දීමෙන් කාන්තාවක් මරුට මින්නේරිය පොලිස් වසමට අයත් ජයන්තිපුර, තඹලවැව ප්‍රදේශයේදී අද (22) දහවල් වල් අලියෙකු පහර දීමෙන් කාන්තාවක මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 22 July 2018
පොලිස් නිල සුනඛ ‘ඩොලී ‘අවසන් ගමන් යයි මඩකලපුව පොලීසියට අනියුක්තව රාජකාරි කළ ‘ඩොලී‘ නම් පොලිස් සුනඛයා මිය ගොස් ඇත. 2010.10.31 දින නෙදර්ලන්තයේ උපත ලැබු මෙම පොලිස් සුනඛයා 2011 වසරේදී නුවර පොලීසියට ගෙන්ව ලැබ ඇති අතර 2011.09.27දින 86802 අංක දරණ පොලිස් කොස්තාපල් දර්ශන මහතා විසින් වෙඩි බෙහෙත් සෙවීමේ විශේෂ පුහුණුව ලබාදී 2012.9.27 දින මඩකලපුව පොලිසියට ගෙනවිත් තිබේ. 22 July 2018
පාසල් සිසුන් සඳහා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබන වසරේ සිට සියලූම පාසල් සිසුන් සදහා වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය. 22 July 2018
දියබෙඳුම රෝහල වසා දැමීමෙන් රෝගීහු අසරණ වෙති ඇළහැර- දියබෙදුම ප්‍රාථමික රෝහල අද (22) දින කිසිදු දැනුම් දිමකින් තොරව සියලු ම ප්‍රතිකාර කටයුතු නවතා දැමීමෙන් රෝගීහු දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කියති. 22 July 2018
හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට හපුතලේ නගරයේ මෙට්ටා වෙළදාමේ යමින් තිබු ලොරි රථයක සඟවා තිබු රුපියක් ලක්ෂ ගණනක් වටිනා හෙරෝයින් පැකටි 342ක් සමග සැකකරුවන් හයදෙනෙකු අද ( 22) උදේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 July 2018
දී-ඇල් ඔයේ දිය නෑමට ගිය සිසුන් දෙන්නෙක් මරුට උපකාරක පංති යන බව පවසා දී-ඇල් ඔයේ තල්ගස්මොටේ අමුණ අසල දිය නෑමට ගිය සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු, දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි. 22 July 2018
වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා බකමුණ වැසියෝ වීදී බසිති බකමූණ දිග්ගල්පිටිය ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීමෙන් 52 හැවිරිදි සිව් දරු පියෙකු මියයාමේ සිද්ධිය මුල් කරගෙන ඒ ප්‍රදේශවාසීහු අද (22) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරැඹුහ. 22 July 2018
ධාවනය වු ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට සිය එකම දියණියගේ විවාහ මංගල්‍යට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඇණවුම් කිරීම සඳහා මොරගහහේන ප්‍රදේශයට තී‍්‍ර රෝද රථයක් ධාවනය කරමින් ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට හදිසියේ ඇති වූ හෘදායාබාධයක් හේතුවෙන් ති‍්‍ර රෝද රථය තුලදීම මියයාම නිසා රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරලී අනතුරක් සිදුව ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. 22 July 2018
මුලතිව් පාලසක බඹරවද ඇවිස්සී ගුරු-සිසු 42 ක් රෝහලේ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද ජාතික පාසලේ බැඳ තිබූ බඹර වද කිහිපයක් ඇවිස්සී සිසුන් හා ගුරුවරුන් බඹර ප්රහාරයන්ට ලක්වී ඇති අතර එහිදී සිසුන් 42 ක් හා ගුරුවරයෙකු මුලතිව් මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 22 July 2018
යාපනයේ භූගත නළ පද්ධතියක් එලද්දී මිනිස් අස්ථි හමුවෙයි යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එලමින් සිටි සේවකයින් පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි. 22 July 2018
හෙරොයින් ළඟ තබාගෙන බන්ධනාගාර වැසිකිලියක රැඳීසිටි රැඳවියෙකු අල්ලයි වාරියපොල බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක් අද (20) හෙරොයින් මිලිග්‍රෑම් 4520ක් ළඟ තබාගෙන වැසිකිලියක රැඳීසිටි රැඳවියෙකු අල්ලාගත් බව වාරියපොල පොලිසිය කියයි. 20 July 2018
ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සමඟ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ක මුදල් නෝට්ටු 02 ක් සමඟ භික්ෂූන් වහන්සේ නමක් අද (20) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි. 20 July 2018
අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට අධ්‍යාපන ප්‍රමිති පනතක් ගේනවා - අගමැති අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව අධ්‍යාපන ප්‍රමිති පනතක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (20) පැවසීය. 20 July 2018
වැල්ලවාය හිවැල්කඳුර ප්‍රදේශයේ කඳු රක්ෂිතයක ගින්නක් වැල්ලවාය - කොස්ලන්ද මාර්ගයේ හිවැල්කඳුර ප්‍රදේශයේ ඇති කදු රක්ෂිතයක ගින්නක් ඇති වි තිබෙන අතර ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ප්රදේශවාසිහු කියති. 20 July 2018
කැස්බෑවුන් මැරීමේ ජාවාරමක යෙදුන තිදෙනෙකු අත් අඩංගුවට කැස්බෑවුන් මරා සංචාරක නිකේතනයන්ට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුන පුද්ගලයින් තිදෙනෙකු අද (20) අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 20 July 2018
කාබනික වගාවේ ගොවීන්ට පොහොර සහනාධාර වෙනුවට මුදල් කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා ප්‍රථම වතාවට පොහොර සහනධාරයක් වෙනුවෙන් මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ. 20 July 2018
ඇත්දළ හා කොටි දත් නියපොතු සමඟ අයෙක් අත්අඩංගුවට ඇත් දළ කෑලි 8ක්, කොටි දත් දෙකක් හා කොටි නියපොතු තුනක් රුපියල් පනස් දහසක මුදලකට අලෙවි කිරිමට ගිය සැකකරුවෙක් සෙල්ලකතරගම කතරගම පාරේ මහසෙන් වටරවුම අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 July 2018
දුම්රිය මගීන්ගේ ලැප්ටොප් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට බස් රථවල හා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගේ අත්බෑග් හා ලැප්ටොප් පරිගණක සොරාගෙන ඒවා විකුණා හොරොයින් මත්කුඩු පානය කළ පුද්ගලයකු හා ඒවා විකිණිමට උදව් කළ හොරණ සති පෙළෙහි නාටාමියකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවයසි. 20 July 2018
නීතිවිරෝධි ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට වරල්ල උඩහොරගලදී නීතිවිරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි. 20 July 2018
විදුහල්පතිවරයෙක් ඉල්ලා දොම්පේ විදුහලක උද්ඝෝෂණයක් දොම්පේ ගිරිදර ශී‍්‍ර බෝධි කණිෂ්ඨ විද්‍යාලයට මාස හයක කාළයක සිට ස්ථීර විදුහල්පතිවරයෙකු නොමැතිකමෙන් තම දරුවන්ගේ අධ්‍යාපණ කටයුතු අඩපණ වී ඇතැයි පවසමින් විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් හංවැල්ල - කිරිඳිවැල මාර්ගය ගිරිදර මංසන්ධියෙන් අවහිර කරමින් අද(20) දින උදෑසන විරෝධතාවය නියැලිණි. 20 July 2018
රඹෑව සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවෙයි රඹැව නිවසකදී සිය බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදු කරනු ලැබු සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවු බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 20 July 2018
හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි හල්දුම්මුල්ල මරංගහවෙල මහවංගුව රක්ෂිතයේ අද (20) ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි. 20 July 2018
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට ඇලහැර, අත්තනකඩවල, දිග්ගල්පිටිය ප්‍රදේශයේදී අද (20) අලූයම වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි. 20 July 2018
යුද හමුදා සෙබලෙකුට වලස් ප්‍රහාරයකින් බරපතල තුවාල මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවකදී යුද හමුදා සෙබලෙකුට වලසෙකු පහරදීම හේතුවෙන් යුද හමුදා සෙබලා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මුලතිව් පොලීසිය පවසයි. 20 July 2018
පුත්තලම නගර සභාවේ සැසිවාරය මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්ජනය කරති පුත්තලම නගර සභාවේ සභාවාරය ආවරණය කිරීමට මාධ්‍යට අවසරයක් නොමැති බව නගරාධිපති කේ ඒ බායිස් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් තුළ පුත්තලම නගර සභාවේ මන්ත්‍රීවරු 5ක් සහ මන්ත්‍රීවරියන් 4ක් අද (19) පැවති පුත්තලම නගර සභා හතරවන සැසිවාරය වර්ජනය කිරීමට කටයුතු කළ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට සහභාගීවූ මන්ත්‍රීවරු කණ්ඩායම පැවසූහ. 19 July 2018
නිධානයක් ගැනීමට ඉඩමේ උමගක් හැරූ තිදෙනෙක් අත් අඩංගුවට නිධානයක් ගැනීමේ අරමුණින් තමා පදිංචි ඉඩමේ අඩි 20ක පමණ උමගක් හාරමින් සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ සහායට සිටි තවත් දෙදෙනෙක් කැනීම් උපකරණද සමඟ අද (19) හියාරේ නැගෙනහිර ඉහළ ඕවකන්දේදී හියාරේ විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 19 July 2018
හෙරෝයින් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට පුත්තලම - තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේදී හෙරෝයින් අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 560 ක ප්‍රමාණයක් අද (19) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 19 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026