( ඩී.කේ.රත්න )
හල්දුම්මුල්ල මරංගහවෙල මහවංගුව රක්ෂිතයේ අද (20) ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
මෙම රක්ෂිතය ගිනි ගැනීම නිසා එම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ හා සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ.
මෙම ගින්න හටගැනීමත් සමග හල්දුම්මුල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ යුධ හමුදා නිළධාරීන්ගේ සහයෝගය මත ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. මෙම ගින්න නිවා දැමීමට කටයුතු නොකලේ නම් මෙම ගින්න විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරයාමෙන් විශාල විනාශයක් සිදු වීමට ඉඩ තිබී ඇතයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදය සදහා හෝ සතුන් දඩයම් කිරීම සදහා මෙම රක්ෂිතයට ගිනි ගබන්නට ඇතයි පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හල්දුම්මුල්ල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි