සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද
වරල්ල උඩහොරගලදී නීතිවිරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙම නීතිවිරෝධි තුවක්කුව සොයා ගෙන තිබේ.
සැකකරු 60 හැවිරිදි පුද්ගලයෙකි. සතුන් දඩයම් කිරිම සඳහා මොහු මෙම ගිනිඅවිය පාවිච්චි කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
නීතිවිරෝධි ගිනි අවිය සමඟ සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd