IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ධාවනය වු ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

සිය එකම දියණියගේ විවාහ මංගල්‍යට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඇණවුම් කිරීම සඳහා මොරගහහේන ප‍්‍රදේශයට තී‍්‍ර රෝද රථයක් ධාවනය කරමින් ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට හදිසියේ ඇති වූ හෘදායාබාධයක් හේතුවෙන් ති‍්‍ර රෝද රථය තුලදීම මියයාම නිසා රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරලී අනතුරක් සිදුව ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

විවාහ මංගල්‍ය අද (22) පවැත්වීමට නියමිතව තිබී ඇති අතර  ඊයේ (21) රාත්‍රියේදී මෙම අනතුර සිදු වී තිබේ. 

පාදුක්ක - හොරණ මාර්ගයේ මිල්ලෑව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී තී‍්‍ර රෝද රථයෙහි පිටුපස  මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඥාති පුතෙකු සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුව නැති බවද පොලිසිය පවසයි

මෙලෙස මිය ගොස් ඇත්තේ පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පදිංචිව සිටි 46 හැවිරිදි එක්දරු පියෙකි. මිය ගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිස්ති‍්‍රක් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ධාවනය වු ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site