රොමේෂ් මධුෂංඛ
යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් නාවල්ලඩි ප්‍රදේශයේ වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමු වී ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
නාවල්ලඩි නාගනාදන් වීදියේ පිහිටි නිවසක හිමිකරු වන නවරත්නසිංහම් නැමත්තාගේ ඉඩම පස් කපන යන්ත්‍රයකින් පිළිසකර කරමින් සිටියදී එස්.එන්.96 වර්ගයේ අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සහ ක්ලේමෝ බෝම්බ දෙක රඳවන දෙකක් ද හමුවී ඇති අතර පසුව ඒ බව ඉඩමේ හිමිකරු විසින් කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.
කොඩිකාමම් පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණ ක්ලේමෝ බෝම්බ දෙක රැගෙන යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙතට බාරදී ඇති අතර අධිකරණ නියෝගයකට අනුව අදාළ ක්ලේමෝ බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd