IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස් නිල සුනඛ ‘ඩොලී ‘අවසන් ගමන් යයි

(ජවුෆර්ඛාන්) 

මඩකලපුව  පොලීසියට අනියුක්තව  රාජකාරි කළ  ‘ඩොලී‘ නම් පොලිස් සුනඛයා  මිය ගොස් ඇතැයි මඩකළපුව පොලීසිය  පවසයි.

2010.10.31 දින නෙදර්ලන්තයේ  උපත ලැබු   මෙම පොලිස්  සුනඛයා  2011 වසරේදී  නුවර පොලීසියට ගෙන්ව ලැබ ඇති අතර  2011.09.27දින 86802 අංක දරණ පොලිස් කොස්තාපල් දර්ශන මහතා විසින් වෙඩි බෙහෙත්  සෙවීමේ විශේෂ පුහුණුව ලබාදී 2012.9.27 දින මඩකලපුව පොලිසියට ගෙනවිත් තිබේ. 

ජනපති,අගමැති ඇතුළු  රාජ්‍ය නායකයින්ගෙ උතුරේ සංචාරවලදීද ඩොලී විශේෂ ආරක්ෂාවක් සැපයීය. ඩොලී මිය යෑමෙන් පසු ආගමික වතාවත්  සිදු කර  පොලිස් උත්තමාචාර මැද ඊයේ (21) අවසන් කටයුතු සිදු කෙරිණි.

මුලස්ථාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සෙසු නිලධාරීහු  සිදු කළහ.

 

 



අදහස් (0)

පොලිස් නිල සුනඛ ‘ඩොලී ‘අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site