(නිමල කොඩිතුවක්කු)
සියලූම පාසල් සිසුන් සදහා වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.
මේ අනුව දරුවන් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවද තොරතුරු තාක්ෂණය, කෘෂි විද්‍යාව, ඇලූමිනියම් තාක්ෂණය, කලා, ක‍්‍රීඩා ඇතුලූ වෘත්තිය විෂයන් 26කින් කැමති විෂයක් ඔස්සේ තම ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරිමේ හැකියාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සදහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් මේ දිනවල සිදුකරගෙවන යන බවත් ඔහු කියා සිටියේය.
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ නියාමක වැඩසටහන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් ඒ අන්ව පසුගිය වසරේදි පාසල් 42කත් මේ වසරේදි පාසල් 153කත් මෙම නියාමක වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මේ මගින් රැකියා වෙළඳපොළට ගැලපෙන, විශේෂිත වූ දක්ෂතා තියෙන අයට ඉදිරියට යාමේ අවස්තාව හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගුරුවරු ළමයින්ගෙන් වැරදී දේවල් කරවීමට ඇති ඉඩකඩ වැඩිය. ඉතාමත් සංවේදී සහ ඉක්මන් තීරණ ගන්න මේ වයසේ දරුවන් රටට වැඩදායක ලෙස සැදීමේදී වෘත්තීය දැනුම මෙන්ම අපගේ රටේ සංස්කෘතියටද හානියක් නොකර රක ගත යුතුය යන හැඟීමද ලැබෙන පරිදි මෙම පාඨමාලා සකස් විය යුතුය. මේ වයසෙදී නොමග ගිය හිත් නැවත නියම මාවතට ගැනිමට නොහැකිවේ. මෙම වැඩපිළිවෙල ඉතාමත් අලුත් නිසා මෙය මුල ඉදන්ම යම් කිසි නීතිමය රාමුවක් තුල දිවිය යුතුය. මේ පිළිබද පසුගිය වසරවල ඇති අත්දැකීම් විශ්ලේෂණය කලයුතු අතර ගිය වසරවල දරුවන්ගේ ප්‍රගතියද මැන කිරා බැලිය යුතුය. එසේ නොවුනහොත් තවත් අවුරු කිපයක් දෙමව්පියන්ගේ සල්ලි විනාශ කරමින් රස්තියාදු ගහන කණ්ඩායමක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩිවේ. මේ පිළිබද විද්වතුන් මෙන්ම සාමානය විදිහට හිතන පිරිසක්ද සමග කතිකාවත් කිරීම ඉතා වැදගත් වේ. පාසලෙන් ඉවත්ව බහුතරයක් ව්‍යවසායකයන් බවට පත්කිරීම සදහා වැඩපිළිවෙල අඛණ්ඩව වසර 20ක් ක්‍රියාත්මක කළහොත් ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කිරිමට ද හැකිවේ.
වසර ගණන බටහිර රටවල මෙන් අඩු කල යුතුය. එක්සත් රාජධානියේ විභාග වලට පෙනී සිටින ළමුන් අඩු වයසින් උපාධි ලබාගන්න නිසා ලංකාවේ විභාග වලට පෙනීසිටින විට රැකියා වලට ඉදිරිපත් වීමේදී අවාසි ඇතිවේ.