(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
නිධානයක් ගැනීමේ අරමුණින් තමා පදිංචි ඉඩමේ අඩි 20ක පමණ උමගක් හාරමින් සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ සහායට සිටි තවත් දෙදෙනෙක් කැනීම් උපකරණද සමඟ අද (19) හියාරේ නැගෙනහිර ඉහළ ඕවකන්දේදී හියාරේ විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්යය බලකායේ බුද්ධි නිලධාරීන්ගේ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි ප‍්‍රධාන සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ සැකකරු නිධානයක් පවතින බවට සිහිනයකින් දුටු ස්ථානයක් මෙසේ කැනීම් කර ඇති බවයි.
22 සහ 23 හැවිරිදි සහායකයන් දෙදෙනා ප‍්‍රධාන සැකකරුගේ ඥාතීන් වන අතර ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද පොලීසිය කියයි.
මෙම කටයුත්තේ යාගහෝම කරමින් සිටි කට්ටඩියා වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාණ්ඩ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා අක්මීමන පොලීසියට භාරදි තිබේ.
සැකකරුවන් තිදෙනා හෙට (20) ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙතට ඉදිරිපත් කරන බව අක්මීමන පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධානයක් ගැනීමට ඉඩමේ උමගක් හැරූ තිදෙනෙක් අත් අඩංගුවට