නාලක සංජීව දහනායක
කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා ප‍්‍රථම වතාවට පොහොර සහනධාරයක් වෙනුවෙන් මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ වනවිට ගොවීන් 5000ක් පමණ කාබනික් ගොවිතැනේ නිරතවන බවට හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ මූලිකම අරමුණ වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා කීය.
එබැවින් වස විසෙන් තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා රජය උපරිමයෙන් සහය ලබාදෙන බවද අමාත්‍යවරයා කීය.
කාබනික ගොවිතැනේ නිරතවන ගොවීන්ටද පොහොර සහනාධාරයක් ලබාදෙන්නයි කාලයක සිට රජයට ඉල්ලීම් ලැබී තිබුණු බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිබද ගොවීන් මීට වඩා දැනුවත් කරන ක්‍රමවේදයක් අවශ්‍යවේ.