ටෝනි කරුණානායක
කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයින් රැසක් මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීමට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි වැලිවේරිය පොලිසිය වාර්තාවක් මගින් අද (23) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය.
ඇප මත සිටින සැකකරුවන් සහ සැකකාරිනියන් 11 දෙනා සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට ගොනුව නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බවද වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවසීය.
මියගිය අයට කසිප්පු ලබා දුන්නේ කවරෙකුදැයි යන්නත් අධිකරණය ඉදිරියේ පෙනි සිටින සැකකරුවන් සහ සැකකාරියන් චෝදනාවන්ට සම්බන්ධ වූ අකාරයත් ඔක්තොම්බර් 11 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd