IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

(චන්දන ප‍්‍රනාන්දු හා වෙන්නප්පුව රවින්ද‍්‍ර ලියනගේ )     

බෝලවත්ත අංගම්පිටිය කොච්චිකඩේ හා මීගමුව ප‍්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් සමඟ සොරාගත් රන්භාණ්ඩ හා ටැබ් ඇතුලු පරිගණකයක්  අද (23) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                                                                                      
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා ත්‍රිරෝද රථ රියදුරෙකි .


මෙයට සති 2 ට පෙර බෝලවත්ත හා අංගම්පිටියේ නිවෙස් දෙකට ඇතුලු වු පිරිසක් එම නිවෙස්වල තිබු රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන්භාණ්ඩ හා  රුපියල් ලක්ෂයක් පමණ වටිනා ටැබ් යන්ත‍්‍ර 2ක් හා මුදල් සොරාගෙන යාම සම්බන්ධයෙන් නිවෙස් හිමියන් පොලිසියට කරන ලද පැමිණිලි මත කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හා සොරාගත් භාණ්ඩ අත් අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය කීය   

එම නිවෙස් දෙක ආසන්නයේ තිබු ත‍්‍රිරෝද රථයක් පිළිබඳව ආරක්ෂිත කැමරා දත්තවල සටහන් වු තොරතුරු මත  වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විමර්ශනයක යෙදෙමින් සිටින අතරතුර කැමරාවල සටහන් වු ත‍්‍රිරෝද රථයට සමාන එකක්  වෙන්නප්පුව නගරාසන්නයේ නතරකිරිම දැක ඇති නිළධාරින් එහි සිටි පුද්ගලයන් නවත්වා පරික්ෂා කිරමින් සිටින අතරතුර එක් අයෙක් පලායාමත් තවත් අයෙකුගේ දුරකතනයට ආ සැකකටයුතු ඇමතුමත් හේතුවෙන් අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරිමේදි මෙම හොරකම හෙළි කර ගැනිමට හැකි වු බව පොලිසිය සඳහන් කළේය.                                                                                     



අදහස් (0)

කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site