(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අද (25) සිට තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත.
මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ ඊයේ (24) සවස මුලතිව්හි සියලුම ධීවර සංගම් නියෝජිතයින් සමග මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවතුණේ අදාල තහනම් ධීවර ආම්පන්න ගැටළුව විසඳීම සඳහායි.
අදාල සාකච්ඡාවේදී තහනම් දැල් භාවිතයට පිළිගත හැකි විසඳුමක් නොලැබීම මත මුලතිව් සියලු ධීවරයින් එක්ව ධීවර පිරික්ෂක කාර්යාලය ඉදිරිපිට වාඩි වෙමින් උද්ඝෝෂණයක නිරත වුණේ ගැටලුවට විසඳුමක් ලබා දෙන තුරු නිලධාරීන්ට පිටව යාමට නොදෙන බව පැවසීය.
එහිදී අවසානයේදී ධීවර පරික්ෂක නිලධාරීන් ඇතුලු රජයේ නිලධාරීන් විසින් උද්ඝෝෂකයින්ට පොරොන්දු වූවේ අද (25) සිට මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදාගනිමින් ධීවර කටයුතු සිදු කිරීම තහනම් කරන බවටත් එසේ තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නවතා දැමීමට පියවර ගෙන තිබිණි.
උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ මසුන් ඇල්ලීම සඳහා බොහෝ ධීවරයින් ඩයිනමයිට් බෝම්බ යොදන බැවින් කුඩා මසුන් විශාල පිරිසක් මිය යන බවටත් ලයිලා සුරුක්කු වැනි තහනම් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීම මගින් මුලතිව්හි කුඩා මසුන් විනාශ වන අතරම සාගර සම්පත්ද දැඩි ලෙස විනාශ වී පාරසරික ගැටලු රැසකටද මුහුණ පෑමට සිදුව ඇති බවටයි.




2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම් දැල් ආම්පන්න යොදාගන්නවාට විරුද්ධව මුලතිව් ධීවරයෝ උද්ඝෝෂණයක