IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් මහනුවර ධර්මරාජ විදුහලට

(ඩයනා උදයංගනී)

ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වූ අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශක්ති සේනාරත්න ශිෂ්‍යයා සමත්විය.

මෙම තරඟය ජූලි මස 15 සිට 22 දක්වා පැවති අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් සිවු දෙනෙක් මේ සඳහා සහභාගී වූහ. 

වෙන්නප්පුව ජෝසප්වාස් විද්‍යාලයේ ජී. ගුණසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ චමෝද් මධුශංක එදිරිසිංහ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ උදාරා සමරනායක ඒ සඳහා සහභාගී වූ අනෙකුත් සිසු සිසුවියන් වන අතර එහි කණ්ඩායම් නායකයන් ලෙස මහාචාර්ය හිරාන් අමරසේකර සහ මහාචාර්ය ජයන්ත විජේරත්න යන මහත්වරු සහභාගී වූහ. 

මෙවර මෙම තරගාවලිය සඳහා රටවල් 78 කින් සිසුන් 270 ක් සහභාගි වූහ. අන්තර් ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය විවිධ රටවල උසස් පෙළ හදාරන පාසල් සිසුන් අතර වාර්ෂිකව පැවැත්වෙන තරඟයකි. 

මෙම තරගයේදී ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දැනුම මෙන්ම ජීව විද්‍යාත්මක සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික දැනුම, කුසලතා සහ නිර්මාණශීලී භාවය, ගැටලූ විසඳීමට ඔවුන් සතු හැකියාව ආදිය පරීක්ෂා කෙරේ. 


මෙවර මෙම තර`ගාවලියේ ප‍්‍රථම ස්ථානය වියට්නාමය, චීනය සහ තායිවානය යන රටවලට හිමිවිය.



අදහස් (3)

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් මහනුවර ධර්මරාජ විදුහලට

Nuwan Monday, 23 July 2018 09:36 AM

ඔබේ අනාගතයට ජය වේවා පුතා. දේශපාලුවන් සම්බන්ධ ප්‍රවෘත්ති වලට ඕන තරම් අදහස් දාන කට්ටිය හිටියට මෙවැනි රටේ අනාගත සම්පත් වලට සුබ පතන්න කට්ටිය නැහැ. කණගාටුයි

:       0       61

හිරාන් Monday, 23 July 2018 03:28 PM

අප රටෙහි විද්‍යා අධ්‍යාපනය ඉහල තලයකට ගෙන යාමට මෙවැනි අන්තර්ජාතික ජයග්‍රහණ ඉතා වැදගත්.

:       0       52

Senarath Tuesday, 24 July 2018 03:30 AM

ඉදිරියටත් ජයෙන් ජයම ජයවේවා ! අපේ සුභපැතුම් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site