අජිත්ලාල් ශාන්තඋදය
යුද හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ ගෙවල්වලට පැන බඩු සොරකම් කළ යුද හමුදා සේවයේ නියුතු හෝමාගම ප‍්‍රදේශයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වූ සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.
ඔහු සතුව තිබී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ටී 56 උණ්ඩ සහ ඩෙටනේටර් පොලිස් බාරයට ගෙන ඇත.
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නැසීගිය මුදියන්සේ කෝනාර මහතාගේ කුරුවිට නිවසට ඇතුළු වී පිත්තල පහන්, මල්පෝච්චි, වෙනත් පිත්තල සිහිවටන සහ දේපල සොරාගෙන ඒවා කුරුවිට ප‍්‍රදේශයේ යකඩ සහ පැරණි බඩු එකතු කරන ස්ථානයකට විකිණීමට යද්දී ප‍්‍රදේශවාසින්ගේ සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අධිකරණයේ රැඳවුම් නියෝග මත සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන අතර සැකකරු යාපනය කන්කසනතුරේ මාවධිපුරම් යුද හමුදා කඳවුරේ සේවය කරන තැනැත්තෙකි.
බළන්ගොඩ අලූත්නුවර ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු වන සැකකරු දැනට කුරුවිට, මිල්ලවිටිය, හේන්යාය, අස්සැද්දුම ප‍්‍රදේශයේ නිවසත් තනාගෙන ජීවත්වන 37 හැවිරිදි විවාහකයෙක් බවත් පොලීසිය කියයි. ඔහු කුරුවිට එක්නැලිගොඩ ප‍්‍රදේශයෙන් විවාහවූ තැනැත්තෙකි.
නිවාඩු ලබා පැමිණි දින තුනක දී සැකකරු විසින් ගෙවල් හතරක් සහ වෙළඳසැලක් කඩා මුදල්, රන් භාණ්ඩ සහ දේපල හොරකම් කර ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය කරගත හැකි වූ බව ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙවල්වලට පැන භාණ්ඩ සොරා ගත් යුද හමුදා සෙබළා අත්අඩංගුවට