IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉඹුල්පේ - හල්දුම්මුල්ල ප්‍රා.ලේ කොට්ඨාසවල අලි පැන්නීමේ මෙහෙයුමක්

 

 

 

අජිත්ලාල් ශාන්තඋදය

 

ඉඹුල්පේ සහ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ගම්මාන රැසක වගාවන්ට සහ ගම්වැසියන්ට හානි කරමින් ගම්වැද සිටින වනඅලි පැන්නීමේ මෙහෙයුමක් මෙම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ස්ථාන ගණනාවකින් පසුගියදා ආරම්භ කරනු ලැබීය.

උඩවළව ජාතික උද්‍යානයේ වෙසෙන වනඅලි බවට සැකකරන මෙම වනඅලි වෙහෙරගොඩ, නිත්තමලූව, මැදවෙල, මියනවල, පහළගම, ඌවකොස්ගම, මැදකටුව, බදුලූදෙන, මරංගහවෙල, හල්පේ, කලූපහන, ඌවතැන්න, හාල්අටුතැන්න, හල්දුම්මුල්ල, මාරදොල, රන්වන්ගුහාව, වෑලිය, සොරගුණේ ආදී ගම්මාන වලට රාත‍්‍රී කාලයේ පැමිණ හානි කරති.

මෙම ගම්මානවලට අලි පැමිණීම වැළක්වීමට විදුලි වැටක් මේ දිනවල සකස් කරයි. දැනටමත් ඉහත ගම්මාන වලට රාත‍්‍රී කාලයේ කඩාවදින වනඅලි ඉදිකරන විදුලි වැටෙන් ඇතුළට පැන්නීමට මෙම අලි මෙහෙයුම ක‍්‍රියාත්මක කරයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙහෙයුම ක‍්‍රියාත්මකය. ඉඹුල්පේ සහ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ, ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන් සහ ගම්වල ගොවින් ඇතුළු ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් ඉහත ගම්මාන මායිමවල සිට අලි මෙහෙයුම ආරම්භ කළහ.

ගම්මාන කෙළවර ඇති ෆයිනස් වගාවට සථාන කිහිපයකදී ගිනි තබා තිබූ නිසා පන්නාගෙන යන අලි යෝජිත විදුලි වැටෙන් ඈතට යැවීම ගැටලූවක් වූ නිසා අලි මෙහෙයුමට බාධාවන් ද ඇතිවිය. අලි දහ දෙනෙකුට හෝ ඊට අඩු ප‍්‍රමාණයක් මේ වනවිට මෙම ගම්මාන ආශ‍්‍රිව කැලෑවේ සිටින බවට සැකකෙර්.

මෙහෙයුමට එක් වූ සෑම කෙනෙකුටම අලි වෙඩි ලබාදුන් අතර මෙහෙයුමේ උපදෙස් වනජිවී දෙපාර්තමේන්තුවේ අලි මෙහෙයුම් බාර නිලධාරී මනම්පේරී මහතා විසින් සියලූ දෙනාටම ඒ ඒ ස්ථානවලට ගොස් ලබාදුන්නේය.

මීට අමතරව මෙහෙයුම් අවස්ථාවල ගම්වල මාර්ගවල රථවාහන පාලනය සඳහා සමනලවැව සහ හල්දුම්මුල්ල පොලිස් ථානවල නිලධාරීන්ගේ සහාය ද ලබාගත්තේය. ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා ද, වෙරෙගොඩ ධර්මරත්නාරාමාධිපති හරංකහවේ පඥාවංශ හිමි සහ ඌව කොස්ගම විනීතජිව හිමි කොස්ගම, වෙහෙරගොඩ යන ස්ථානවලින් අලි මෙහෙයුමට එක්වූ පිරිසට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළහ.



අදහස් (0)

ඉඹුල්පේ - හල්දුම්මුල්ල ප්‍රා.ලේ කොට්ඨාසවල අලි පැන්නීමේ මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site