IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනයේ ජලනල පද්ධතියෙන් ඇටසැකිලි හමුවීම ගැන පරික්ෂණ ඇරඹේ


 
රොමේෂ් මධුෂංඛ
 
යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (25) සිට පරීක්ෂණ ආරම්භ කළ බව යාපනය පොලීසිය පවසයි. 


යාපනය පොලීසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් සින්නදුරෙයි සදීශ්කරන් මහතා නිරීක්ෂණය කළ අතර, මහේස්ත්‍රාත් නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.මයුරන් මහතාගේ මූලිකත්වයෙන් යාපනය පොලීස් ස්ථානීය පරීක්ෂා කිරීම් ආරම්භ කළ බවයි. 


යාපනය ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජල නළ ව්‍යාපෘතියක් සකස් කිරීමට පොළොව කැනීමේදී කල්වියන්කාඩු ප්‍රදේශයේ තිබී පසුගිය 20 වැනිදා පළමු වරට අස්ථි කොටස් හමුවු බව යාපනය පොලීසිය කීය. 


පොළව මතුපිට සිට අඩි තුනක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවී ඇති  අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමට ජල නළ ව්‍යාපෘතිය භාර නිළධාරීන් කටයුතු කිරීමෙන් පසුව අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

 
මීට පෙර අවස්ථාවකදී ද යාපනය චෙම්මනෙයි ප්‍රදේශයේ සමූහ මිනිවළක් පැවති අතර අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 15 ක කොටස් සොයා ගැනීම 1999 වර්ෂයේදී සිදුකරනු ලැබීය. 


ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති දැරියක් 1996 අගොස්තු මාසයේ දී අතුරුදන් වීමත් සම්බන්ධයෙන් ‍ගොනු කළ නඩු විභාගයකදී ඉදිරිපත් වු සාක්කි මත මීට පෙර චෙම්මනෙයි ප්‍රදේ‍ශයේ සමූහ මිනිවළ සොයාගත්හ.
 



අදහස් (0)

යාපනයේ ජලනල පද්ධතියෙන් ඇටසැකිලි හමුවීම ගැන පරික්ෂණ ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site