(නිමල් ජයරත්න)
සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයකු අද (25) අලුයම 3.00 පමණ වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද නාමල්ගම නිවස අසලදීම වන අලි පහරදීමකින් මියගොස් ඇත්තේ 62 වියැති දෙදෙරු පියෙකු වන එල්.එම්. දිසානායක යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.
නිවසින් පිටතට ගිය අවස්ථාවේදී ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.
ඔහු රිදිපොකුණ සිවිල් ආරක්ෂක මූලස්ථානයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd