ජුඩ් සමන්ත
වයස අවුරුදු 70 ක් පමණ වන නාදුනන කාන්තාවක්ව කිසියම් අයෙකු විසින් මාදම්පේ - පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා තිබියදී ගම්වාසීන් විසින් දැක ඇයව මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
ඊයේ (22) දහවල් සුසාන භූමියේ ඇති පාළු ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් සිටිනවා දැක ඇති අයෙකු විසින් ඒ බව පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.
පසුව මාදම්පේ පොලීසිය සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය පැමිණ ඇයගෙන් තොරතුරු විමසීමක් කෙරිණි. තමන්ව කිසියම් අයෙකු විසින් යතුරුපැදියකින් ගෙනවිත් දමා ගිය බව ඇය පවසන නමුත් ඒ කවුරුන්ද යන්න හෙළිකර නැත.
ඇයගේ ශරීරයේ ඇඳුම් පවා නිසි පරිදි තිබී නොමැති අතර ආහාර ගැනීමක් සිදුකර නොමැති බවද දක්නට ලැබිණි. ගම්වාසීන් විසින් ඇයට අවශ්‍ය ඇදුම් පැළදුම් සහ ආහාර සැපයීමද සිදුකෙරිණි.
සුසාන භූමියේ ඇය සිටි ස්ථානයේ තිබී රුපියල් 70 ක මුදලක් සහ මල පහ වීම නිසා ඉවත් කරන ලද ගවුමක්ද දක්නට තිබුණි.
පසුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් එම කාන්තාව ප්‍රතිකාර සඳහා ගල්මුරුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් උඩු දුවන ප්‍රශ්නයක්.