IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වයෝවෘද්ධ කාන්තාවක් සුසාන භුමියට ගෙනත් දාලා


 
ජුඩ් සමන්ත
 
වයස අවුරුදු 70 ක් පමණ වන නාදුනන කාන්තාවක්ව කිසියම් අයෙකු විසින් මාදම්පේ - පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා තිබියදී ගම්වාසීන් විසින් දැක ඇයව මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.                                              
ඊයේ (22) දහවල් සුසාන භූමියේ ඇති පාළු ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් සිටිනවා දැක ඇති අයෙකු විසින් ඒ බව පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.  

                
පසුව මාදම්පේ පොලීසිය සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය පැමිණ ඇයගෙන් තොරතුරු විමසීමක් කෙරිණි. තමන්ව කිසියම් අයෙකු විසින් යතුරුපැදියකින් ගෙනවිත් දමා ගිය බව ඇය පවසන නමුත් ඒ කවුරුන්ද යන්න හෙළිකර නැත.        

       
ඇයගේ ශරීරයේ ඇඳුම් පවා නිසි පරිදි තිබී නොමැති අතර ආහාර ගැනීමක් සිදුකර නොමැති බවද දක්නට ලැබිණි. ගම්වාසීන් විසින් ඇයට අවශ්‍ය ඇදුම් පැළදුම් සහ ආහාර සැපයීමද සිදුකෙරිණි.      

                       
සුසාන භූමියේ ඇය සිටි ස්ථානයේ තිබී රුපියල් 70 ක මුදලක් සහ මල පහ වීම නිසා ඉවත් කරන ලද ගවුමක්ද දක්නට තිබුණි.                      


පසුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් එම කාන්තාව ප්‍රතිකාර සඳහා ගල්මුරුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.


සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

 



අදහස් (1)

වයෝවෘද්ධ කාන්තාවක් සුසාන භුමියට ගෙනත් දාලා

pissa Monday, 23 July 2018 05:45 AM

මෙන්න තවත් උඩු දුවන ප්‍රශ්නයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site