(රවී ලියනගේ / ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි.සුගතපාල)
තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (17) ගාල්ල ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව සිටියහ.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා මෙසේ ද පැවැසීය.
‘‘ජනතාවට සහන දීම පසෙකලා ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කෝටි ගණන්වල වාහන ගෙන්වනවා. වහාම තෙල් මිල අඩුකර ජනතාවට සහන ලබාදීමට මේ රජය කටයුතු කළයුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමඟ එක්වී රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව ඔහු පැවසීය
මෙම අවස්ථාවට සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. කේ ජයසුන්දර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.
ඡායාරූප - රවී ලියනගේ
ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි.සුගතපාල
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පා ගාල්ලේදී උද්ඝෝෂණයක්
dickie bird Tuesday, 17 July 2018 04:27 PM
තෙල් මිල 4% ලෝක වෙළද පොලේ අඩුවෙලා. දැන් බැරලය අද $ 72.