සීනිගම දේවාලයේ භාරකාරවරයාට එරෙහිව විරෝධතාවයක් සීනිගම දේවාලයේ හිටපු භාරකාරවරයා නැවත එම ධූරයට පත් කිරීමට එරෙහිව අද (13) සීනිගම දේවාලය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් දේවාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 13 July 2018
දියේ ගිලී මවක් හා දියණියක් මියයයි කොබෙයිගනේ - සුභ සෙතගම ගම්මානයේ මහ වැවේ දිය නාමින් සිටි මවක් හා දියණියක් දියේ ගිලී මිය ගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි. 13 July 2018
‘පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිමේ සංස්කෘතියක් රටේ නෑ’ පාසල් දරුවන් ක්‍රීඩාව සදහා යොමු කිරිමට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් රටේ නොමැති බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදී පාසල් දරුවෙක් එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යෙන් කළ යුතු බවට චක්‍ර 13 July 2018
20 වන සංශෝධනය පිළිබඳව භික්ෂු කථිකාවතක් කොළඹදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිලිබඳව ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ 13 July 2018
සිරකරුවන්ට පොත් කියවීමට පුරුදු කිරිමට වැඩසටහනක් සිරකරුවන්ට පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 13 July 2018
ජනපති නිතීඥ හේමන්ත වර්ණකුලසුරියගේ අවසන් කටයුතු හෙට ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය හෙට (14) දහවල් 1.00 සිට ප්සවරු 3.00 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ හමුවීම් ශාලාවේදී අවසන් ගෞරවය සදහා තැන්පත් කර 13 July 2018
කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. 13 July 2018
අම්බලන්ගොඩින් ගිනි අවි සමඟ තවත් අයෙක් අත්අඩංගුවට අම්බලන්ගොඩ තිලකපුර සිරිසුමනපුර ප්‍රදේශයේ දී ගිනිඅවි කීපයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 13 July 2018
සෙල්ලකතරගම රජමාවතෙන් ගිනිඅවි සමඟ අයෙක් අත්අඩංගුවට විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම සෙල්ලකතරගම රජමාවතේ දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 13 July 2018
අධික සුළඟින් නෝර්ඩුඩ්හි විදුලියට බාධා කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය හරහා අද(13) උදෑසන හමා ගිය දැඩි සුළගකින් හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට උණ බට කිහිපයක් කඩා වැටීමෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකට හානි සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි. 13 July 2018
රන් කැබලි සමඟ ඉන්දීය ජාතිකයකු රේගු දැලේ රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 13 July 2018
රංගිරි දඹුලු විහාර භාරකාර හිමිගේ ජන්ම දිනයට අසරණ පවුලකට නිවසක් ලාදුරු රෝගයෙන් සහ තවත් රෝග කිහිපයකින් පෙළෙමින් සිය මව සමඟ කුඩා පැළක දිවි ගෙවූ අසරණ පවුලකට නව නිවසක් තනා භාරදීමේ මහා පිංකමක් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම ග්‍රාමයේදී සිදුකෙරිණි. 13 July 2018
කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබා දෙනවා - කෘෂිකර්ම ඇමැති කල්පිටියේ රතුලූනු අස්වැන්න වෙළද පොළට පැමිණෙන සමයේ දී ආනයනික රතු ලූනු මිළ ඉහළ දමා කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (12) කල්පිටියේ ගොවි ගම්මාන වල සංචාරයකට එක්වෙමින් පැවසීය. 12 July 2018
ආයුධ සමඟ පුද්ගලයකු සැකපිට බෝර දොළහ පතොරම් තුවක්කුවක්, පිස්තෝලයක් හා ජීව පතොරමක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 12 July 2018
පුත්තලම වාන වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මරුට තම බිරිඳ සහ සිගිති දරුවා සමඟ දිය නෑමට පුත්තලම “වාන වැවට “ගිය අයෙකු අද (12) දියේ ගිලි මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය කියයි. 12 July 2018
දුම්රියේ හැපී කාන්තාවක් මරුට කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල දුම්රිය ස්ථානයට අසන්නයේදි අද (12) සවස දුම්රියක හැපිමෙන් 46 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත. 12 July 2018
පොහොට්ටුවේ මන්ත්‍රීගෙන් මාධ්‍යවේදියාට තර්ජන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආවරණය කිරීමට ගොස් සිටි නයිනමඩම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට අද (12) ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 12 July 2018
ආගරපතනේ ලොරි රථ අනතුරකින් දෙදෙනෙකුට බරපතල තුවාල තලවකැලේ - ඩයගම මාර්ගයේ ආගරපතන වුඩ්ලේකර් ප්‍රදේශයේදී අද (12) කුඩා වර්ගයේ ලොරි රථයක් පාරෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ආගරපතන පොලීසිය කියයි. 12 July 2018
නකල්ස් ස්වාරක්ෂිත කලාපයේ වැදගත්කම පරිසර අමාත්‍යංශයෙන්ම පෙන්වයි නකල්ස් රක්ෂිතයට ස්වාරක්ෂක කලාපයක් තිබිය යුතුය යන සම්මුතියක් ඇතත් එය නීතිමය අවශ්‍යතාවයක් නොවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය. 12 July 2018
රට සිගරට් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට අනවසරයෙන් මෙරටට ගෙන්වා වැල්ලවත්තේ ස්ථාන දෙකක ගබඩා කර තිබු රුපියල් දෙලක්ෂ හැට දහසක් 12 July 2018
ගල්කන්ද පන්සලේ පිංකැටය කැඩු අයෙක් පොලිසියට බාරදෙයි මිනුවන්ගොඩ ගල්කන්ද සිරිනිකේතන පිරිවෙන් පුරාණ විහාරස්ථාන භූමියේ පිහිටි පත්තිනි දේවාලයේ පිංකැටයව කඩා මුදල් සොරා ගැනීමෙන් පසු පිංකැටය කැඩීමට ගිය සැකකරුවෙක් ගම්වාසීන් එක්ව පොලිසියට බාර දී තිබේ. 12 July 2018
වාණිජය මත්ස්‍ය වගාවට මහකනදරා ගොවීන්ගේ විරෝධය රජයේ ගැසට් නිවේදනයක් මගින් මිහින්තලය මහකනදරා ජලාශයේ වාණිජයම මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට මහකනදරා ජලාශයේ ගොවීන් සිය විරෝධය පළකර සිටිති. 12 July 2018
බසය පෙරැළී ඇඟලුම් සේවිකාවන් 8 ක් රෝහලේ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහන කරමින් තිබූ බස් රථයක් හබරාදුව හැඩිවත්තේදී අද(12) උදැසන මාර්ගයෙන් ඉවතට පැන පොල්ගසක වැදීමෙන් වූ අනතුරින් තුවාල ලබා සේවිකාවන් අටදෙනෙක් හබරාදුව කළුගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි. මෙයින් බරපතල තත්වයේ පසුවු දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. 12 July 2018
මෝටර් රියකින් ඇවිත් පන්සලේ පින් කැටය කඩලා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු බදුල්ල තල්දෙණ ශ්‍රී බෝධි විහාරස්ථානය ඉදිරිපිට සවිකර තිබූ පින්කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි බදුල්ල මූලස්ථාන පොලිසිය කියයි. 12 July 2018
මාඔය රක්ෂිතය වනසමින් දන්කොටුවේ මහා පරිමාණ මැටි කැපිල්ලක් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යෝගියාන ගල්වක ජංතුරාවේල ප්‍රදේශයේ මාඔය රක්ෂිතය අසලම මහා පරිමාණයෙන් මැටි කැපිම හේතුවෙන් ප්‍රදේශයේ විශාල පරිසර විනාශයක් වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙයි. 12 July 2018
බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුන් 11 ක් රෝහලට මුලතිව් ඔඩ්ඩුසුඩාන් ආරමුගම් මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 11 දෙනෙකුට හා ගුරුවරයකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කළ බව විදුහල්පති පවසයි. 12 July 2018
මහනුවර ග්‍රාම ශක්ති වැඩසටහනේදී ජනතාවගෙන් විරෝධයක් කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේග්රාම ශක්ති වැඩසටහනේදී එහි සිටි රජයේ නිලධාරින් තමන්ට අවශ්‍ය ගැටළු ජනාධිපතිතුමගෙන් ඇසීමට ඉඩ නොදුන් බවට කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයේ ලේඛම් ඇතුලු ගම්වාසීහූ කිහිප දෙනෙක් වැඩසටහන අවසානයේදී විරෝධය දැක්වූහ. 11 July 2018
දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ. 11 July 2018
අල්ලස් ගත්තැයි මඩකලපුවේ බස් සේවකයෙක් රිමාන්ඩ් බස් රථවලින් දිනකට රුපියල් 200 බැගින් අල්ලස් ලබා ගත් බව කියන මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 11 July 2018
මැතිවරණ නීති උල්ලංඝණය කළ නියෝජ්‍ය ඇමැතිට ඇප පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝණය කළ සිද්ධියක් සම්බන්ධව සමන්තුර අධිකරණයේ විභාග වන නඩුවක් අද (11) කැදවු අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු වන නියෝජ්‍ය අමාත්‍ය 11 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026