IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති නිතීඥ හේමන්ත වර්ණකුලසුරියගේ අවසන් කටයුතු හෙට

(නිමන්ති රණසිංහ)

ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය හෙට  (14) දහවල් 1.00 සිට ප්සවරු 3.00 දක්වා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ හමුවීම් ශාලාවේදී අවසන් ගෞරවය සදහා තැන්පත් කර තැබෙන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති නිතීඥ ආර්. ඒ. පී. රණවක මහතා සදහන් කළේය.

අභාවප‍්‍රාප්ත ජනාධිපති නිතීඥ වර්ණකුලසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ අවසරයක් ලබා ගත් බවද රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

මේ ආකාරයෙන් නිතීඥවරයකුගේ දේහයක් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන එන දෙවැනි අවස්ථාව මෙය බවත් මින් ඉහතදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ නැසිගිය ජෝෂප් චාල්ස් මහතාගේ දේහයද පළමු වරට ඒ ආකාරයෙන් මහජන ගෞරවය සදහා අධිකරණය තුළ තැන්පත් කර තිබූ බවත් නිතීඥ සංගමයේ ලේකම් දිනේෂ් දොඩංගගොඩ මහතා සදහන් කළේය.

ඉකුත් 10 වැනිදා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වූ අතර, ඒ මහතා ඉතාලියේ ශි‍්‍ර ලංකා තානාපතිවරයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයකු වශයෙන්ද කටයුතු කර ඇති අයෙකි.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (14) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකෙරයි.



අදහස් (0)

ජනපති නිතීඥ හේමන්ත වර්ණකුලසුරියගේ අවසන් කටයුතු හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site