(කාංචන කුමාර ආරියදාස)
ලාදුරු රෝගයෙන් සහ තවත් රෝග කිහිපයකින් පෙළෙමින් සිය මව සමඟ කුඩා පැළක දිවි ගෙවූ අසරණ පවුලකට නව නිවසක් තනා භාරදීමේ මහා පිංකමක් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම ග්‍රාමයේදී සිදුකෙරිණි.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර රංගිරි දඹුලු වළගම්බා මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේගේ 58 වෙනි ජන්ම දිනය 13 වන දිනට යෙදී තිබිණි.
ඒ අනුව උපන්දිනයට දිනකට පෙර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ වලගම්බා පිරිවෙනෙහි කුඩා හිමිවරුන් කිහිප දෙනෙකු එක්ව උන්වහන්සේගේ උපන්දිනය සිහි ගැන්වීම පිණිස මෙම අසරණ පවුලට උපන්දිනයට දිනක් තිබියදී මෙම නිවස තනාභාර දීම විශේෂත්වයකි.
ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචි සමන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ මව චාලට් නෝනා යන දෙදෙනාට මෙම නිවස බාරදීම සිදු කෙරිණි.
සමන්ත පුෂ්පකුමාර කාලයක සිට ලාදුරු රෝගීන් සහ විවිධ රෝගාබාධ කිහිපයකින්ම නිසා ඉතා අසරණව කාගෙන් හෝ ඉල්ලා ගන්නා මුදලින් තව මව ජීවත් කරවමින් සිටියේය. ඔහු කුඩා කටු මැටි ගැසූ පැල්පතක තම මව සමඟ ජීවත්වන බව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු දැන සිටියහ.
පසුව දඹුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු එස් .ඒ . චන්දන අරුණසිරි මහතා මේ පිළිබඳව අවබෝධ කරගෙන රංගිරි ශක්ති යොවුන් සංසදය, දඹුල්ල ප්‍රදේශයේ තරුණ පිරිසක්, මෙන්ම මෙත් බෝසත් පාරමිතා පදනම එක්ව මෙම නව නිවස ඉදිකොට රාහුල නා හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබුණි.
නව නිවසක් ඉදිකර ඔවුන්ට භාර කරන අවස්ථාවේ එම ස්ථානයට වැඩම කළ මහා සංඝරත්නය මෙම නිවසේ තවත් අඩුපාඩු විපරම් කර බලන අවස්ථාවේ දී ඔවුන්ට වැසිකිලියක් නොමැති බව අනාවරණය වී පසුව මෙම ස්ථානයට වැඩම කළ මහා සංඝරත්නය එම ස්ථානයේ ඔවුන් වෙනුවෙන් සම්පුර්ණ වැසිකිලිය තනා දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.
මහා සංඝරත්නය වැඩමවා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අඹගස්වැවේ රාහුල මහ නා හිමියන් විසින් නව නිවසේ පීත්ත පටිය කපා දොර විවෘත කර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිවසෙහි වඩා හිඳුවා මෙම පවුලට නිවස භාර කිරීම සුභ මොහොතින් සිදු කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රංගිරි දඹුලු විහාර භාරකාර හිමිගේ ජන්ම දිනයට අසරණ පවුලකට නිවසක්