චමිල් රූපසිංහ
පාසල් දරුවන් ක්‍රීඩාව සදහා යොමු කිරිමට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් රටේ නොමැති බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදී පාසල් දරුවෙක් එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යෙන් කළ යුතු බවට චක්‍ර ලේඛන පවා ගෙන ආ බවත් මේ වන විට ඒ දේවල් ක්‍රියාත්මක නොවීම නිසා පාසල් දරුවන් ක්‍රීඩාව සඳහා යොමුවීම නැවතී ඇති බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුයේ පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ බොක්සින් තරග සඳහා ජාත්‍යන්තර තරග නියෝජනය දක්වා දස්කම් පෑම බර ඉසිලිම් සඳහා වු වෙනුවෙන් හා වොලිබෝල් කාන්තා කණ්ඩායම සමස්ත ලංකා තරග ජයග්‍රහණයන් ලබා ගැනීම වෙනුවෙන් ධීරානන්ද විද්‍යාලයේ දී අද (13) පැවති පිළිගැනීමේ උත්සවයේ දී ය.
එහිදී අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ කීය.
ලෝකයේ බොහෝ රටවල ක්‍රීඩාවෙන් බොහෝ ප්‍රයෝජන ගන්නවා. ක්‍රීඩාවෙන් රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන්න පුළුවන්. රටට ක්‍රීඩා ආර්ථිකයක් හදන්න පුළුවන්. ක්‍රීඩාව තුළින් දැන් ලෝක පාපන්දු ක්‍රීඩාව යනවා. මේ ක්‍රීඩකයෙක්ගේ මාසික ආදයම ලක්ෂ 500 ට වැඩියි. අපේ රටෙත් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයෙක්ගේ මාසික ආදයම ලක්ෂ 100 ට වැඩියි. ඒ නිසා ක්‍රීඩාවෙන් නිරෝගී දරුවෙක් බිහිවෙනවා වගේම ක්‍රීඩාවෙන් එහාට ගොඩාක් දේ කරන්න පුළුවන් බවද මන්ත්‍රීවරයා කීය.
අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදලා පාසල් දරුවන් ඒවාට යොමු කරන්න ඕනෑ. රජයක් වුණාම රටේ ආර්ථිකයට දායක වෙන්න රටේ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න ඕනෑ. රටේ සංචාරක ක්‍රීඩා ක්‍රමයක් හදන්න ඕන එහෙමයි. දියුණු වෙන රටවල් කරන්නේ නමුත් අපේ රටේ අවාසනාවට එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැති නිසා අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නැති නිසා අපේ රටේ දරුවන් ක්‍රීඩාවට යොමු නොවන බවද මන්ත්‍රීවරයා එහිදී කීය.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිමේ සංස්කෘතියක් රටේ නෑ’