නිමල් ප්‍රේමචන්ද්‍ර
කොබෙයිගනේ - සුභ සෙතගම ගම්මානයේ මහ වැවේ දිය නාමින් සිටි මවක් හා දියණියක් දියේ ගිලී මිය ගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි.
කොළඹ බොරැල්ල ප්‍රදේශයේ සිට කොබෙයිගනේ ප්‍රදේශයේ රැකියාව සඳහා පැමිණ දැනට සුභ සෙතගම ගම්මානයේ තාවකාලිකව පදිංචිව සිටින 42 හැවිරදි තිදරු මවක් වන කුමාරසාමි චිත්‍රාංගනී සහ ඇගේ බාල දියණිය වන ආර්.කේ.ඒ. මානවී හංසිකා නැමැති 10 හැවිරිදි දැරිය මෙලෙස මියගොස් ඇත.
මියගිය දැරිය කොබෙයිගනේ පහළ බලදොර විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. අද (13) සුභසෙතගම මහ වැවේ නාන මංකඩවෙත පැමිණි තරුණයෙකු මියගිය දෙදෙනාගේ මළ සිරුරු වැවේ පාවෙනු දැක ඒ බව පොලිසියට දන්වා තිබේ.
කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් හා කොබෙයිගනේ හදිසි මරණ පරීක්‍ෂකවරයා එම ස්ථානයට පැමිණ මළ සිරුරු වැවෙන් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා නිකවැරටිය මූලික රෝහලට යවා ඇති බව කොබෙයිගනේ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියේ ගිලී මවක් හා දියණියක් මියයයි