IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මහනුවර ග්‍රාම ශක්ති වැඩසටහනේදී ජනතාවගෙන් විරෝධයක්

චමිල් රූපසිංහ

කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේග්‍රාම ශක්ති වැඩසටහනේදී  එහි සිටි රජයේ නිලධාරින් තමන්ට අවශ්‍ය ගැටළු ජනාධිපතිතුමගෙන් ඇසීමට  ඉඩ නොදුන් බවට කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයේ ලේඛම් ඇතුලු ගම්වාසීහූ කිහිප දෙනෙක් වැඩසටහන අවසානයේදී විරෝධය දැක්වූහ.

ඔවුන් විරෝධය දැක්වුයේ තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටළුවක් ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින් ඉඩ නොදුන් බව සඳහන් කරමිනි.

එලෙස විරෝධය දැක්වුයේ ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් අද (11)  යටිනුවර කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේදීය.

එහිදි මධ්‍යම පළාත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේඛකාධිකාරී කැටපිටිය පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහගල සුමනජෝති ස්වාමින් වහන්සේ සහ පැමිණ සිටි ජනතාව තමන්ගේ ගම්මාන වල ගැටළු ඉදිරිපත් කළේය.

ජනධිපතිතුමන් විසින් එම ගැටළු වලට විසදුම් ලබාදීම සඳහා අදාල අංශවලට උපදෙස් ලබාදුන්නේය.

එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළ ගැටළු වල සඳහන් ඉදිකිරීම් කටයුතු සඳහා ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූ අතර ගැටළු සම්බන්ධව අදාල නිලධාරීන් දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේඛකාධිකාරී කැටපිටිය පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහගල සුමනජෝති ස්වාමින් වහන්සේ , වරකාපොල දොරවක  සීලවිමල පිරිවනේ පරිවේනාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත කෝන්ගස්විල පියරතන ස්වාමින් වහන්සේ , නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක , මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහ රජයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

මහනුවර ග්‍රාම ශක්ති වැඩසටහනේදී ජනතාවගෙන් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site