දීපාල් ද සිල්වා
සීනිගම දේවාලයේ හිටපු භාරකාරවරයා නැවත එම ධූරයට පත් කිරීමට එරෙහිව අද (13) සීනිගම දේවාලය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් දේවාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
දේව කන්නලව්වක් සිදුකර පොල් ගසා රජයෙන් ඉල්ලා සිටියේ මීට වඩා සුදුසු ගම්වාසියකු භාරකාරධූරයට පත්කරන ලෙසයි.
එම පිරිස කියා සිටියේ හිටපු භාරකාර සරත් දි සෙන්තුවාහන්දි මහතාව නැවත පත්කිරීම ගැන විරෝධය දැක්වීමට ඊයේ දිනයේ බුද්ධ ශාසන ඇමති හමුවූ බවයි. එයින් නිසි පිළිතුරක් නොලැබීම නිසා ඒ සඳහා විරෝධය පලකර පොල් ගසා දේවියන්ට කියා සිටින බවයි.
මේ විරෝධතාවය පිළිබඳව දැන ගැනීමට නව භාරකාර සරත් දි සෙන්තුවාහන්දි මහතාගෙන් අප විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වසර 5ක ධූරකාලය 2018.03.06 වැනිදා අවසන්වූ පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පුරප්පාඩු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවූ බවත් සම්මුඛ පරීක්ෂනයෙන් වැඩිම ලකුණු ලබා ගත් තමා භාරකාර තනතුරට පත් කිරීමෙන් පසු ඊයේ (12) වැඩ භාරගත් බවයි.



2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනිගම දේවාලයේ භාරකාරවරයාට එරෙහිව විරෝධතාවයක්
Perera Friday, 13 July 2018 09:30 PM
දේව කැමැත්ත අනුව පත්වීම ලැබිල නැත්නම් ඉතින් දේව දඬුවම් ලැබිලා මේ තැනැත්තා තනතුරෙන් දෙවියන්ම ඉවත් කරාවිනේ. මොකටද උද්ගෝෂණ කර කර පාරේ රස්තියාදු වෙන්නේ?