IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නකල්ස් ස්වාරක්ෂිත කලාපයේ වැදගත්කම පරිසර අමාත්‍යංශයෙන්ම පෙන්වයි

විනීතා එම් ගමගේ
 
නකල්ස් රක්ෂිතයට ස්වාරක්ෂක කලාපයක් තිබිය යුතුය යන සම්මුතියක් ඇතත් එය නීතිමය අවශ්‍යතාවයක් නොවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය.
 
එහෙත් ස්වාරක්ෂක කළාපය තිබීම තුළ රක්ෂිතයේ ආරක්ෂාව තහවුරු වන නිසා එවැන්නක් තිබීම අවශ්‍ය යැයි ද දිසානායක මහතා පැවැසීය.
 
මධ්‍ය කඳුකරයේ ඉඩම් පරිභෝජන රටාව යහපත් නොවන බව ද පරිසර හානිවලට එය ද හේතු වන බව ද අතිරේක ලේකම්වරයා කියා සිටියේය. 
 
දිසානායක මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (12) පැවැති විශේෂ සාකච්ඡාවක දී අදහස් දක්වමිනි. නකල්ස් රක්ෂිතයේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ විවිධ පාර්ශවවල අදහස් විමසීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි. 
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීය.   
 
‘‘ශ්‍රී ලංකාව දේශගු‚ක විපර්යාසවලට මුහුණ දෙමින් සිටින රටක්. ඊසාන දිග මෝසමේ වැසි අඩුවෙලා නිරිත දිග මෝසමේ වැසි වැඩිවෙලා. රටේ තුනෙන් එකක් වු වියලි කලාපය තව දුරටත් වියලි යන අතර තෙත් කළාපයට මෝසම් වැසි වල තීව්‍රතාවය වැඩි වී ගංවතුර තර්ජන එනවා. 
 
මේ නිසා දේශගුණ විපර්යාසවලට මුහුණ දීම වෙනුවෙන් සුවිශේෂී වැඩ  පිළිවෙලක් හැදිය යුතුව තිඛෙනවා. එවැනි ව්‍යාපෘති සඳහා ලෝක හරිත දේශගුණ අරමුදල මූල්‍ය ආධාර දෙනවා. මෙම අරමුදලෙන් පරිසර අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව එහි නියෝජිතයින් ලංකාවට ආවා. ඔවුන් අපට පොරොන්දුවක් දුන්නා අපේ යෝජනාවලට මුදල් දෙන බවට. ඒ වගේම ආදර්ශයක් වන පරිදි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඔවුන් යෝජනා කළා. 
 
වියලි කළාපයේ තව දුරටත් වියලීමට එක හේතුවක් වන්නේ  මධ්‍ය කඳුකරයේ ඉඩම්වල භූමි පරිභෝජන රටාවයි. මොරගහකන්ද ජලපෝෂක නොරැකුණොත් ජලාශයට වියදම්  කළ මුදල් අපතේ යනවා. ‘‘
 
මෙහිදී පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 
 
‘‘වසර 2000 වන තුරුත් නකල්ස් රක්ෂිතයක් නොවෙයි. එය රක්ෂිතයක් බවට පැවැති මතය නිසා එය රැකුණා. මේ ප්‍රදේශයේ ඇති ශාක සත්ව ගහනයන් මේ වනතුරුත් හඳුනා ගෙන අවසන් නැහැ.  නකල්ස් රක්ෂිතයේ ස්වාරක්ෂක කළාප ඇති කළයුතුයි. එය මීටර් 500 ක් නොව අවශ්‍යතා අනුව වැඩි කළ යුතුව තිඛෙනවා. සංවේදී ප්‍රදේශ ආරක්ෂිත විය යුතුයි. ඉහළ ප්‍රදේශවල පාංශු ඛාදන වැළැක්වීමට කටයුතු යෙදිය යුතුව තිඛෙනවා. ගල් පිපිරවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. 
 ්



අදහස් (0)

නකල්ස් ස්වාරක්ෂිත කලාපයේ වැදගත්කම පරිසර අමාත්‍යංශයෙන්ම පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site