(අංජුල මහික වීරරත්න)
සිරකරුවන්ට පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
බරපතල ගණයේ අපරාධකරුවන්ගේ පැවැත්ම හොඳ තත්වයට ගැනීම සඳහා ඉවහල් වන පොතපත ලබා දීමට අදහස් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ පොත්පත් මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයත් උපකාර කරන බව කී ඇමැතිවරයා පොත් කියවා යහපත් මිනිසුන් වන සිරකරුවන්ගේ සිරගත කාලය අඩු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගෙවීමට නොහැකි සියලුම සිරකරුවන් ප්‍රජා සේවයට යොදවලා එලියට දාන්න සිරගෙවල්වල නඩත්තු වියදමත් දරන්නේ ජනතා මුදලින් ඒ වගේම සුළු වැරදී සම්බන්ධ සිරකරුවන් සැකකරුවන් සහ බරපතල අපරාධකරුවන් වෙන් කිරීමත් අත්‍යවශයි. වයස 75 ඉක්මු සිරකරුවන්ද වසර ගණනක් දඬුවමක් නැතිව සිරගත වී සිටින අය පිළිබද තීරණයක් ගැනීම සුදුසුයි.