(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු බදුල්ල තල්දෙණ ශ්‍රී බෝධි විහාරස්ථානය ඉදිරිපිට සවිකර තිබූ පින්කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි බදුල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මේ පුද්ගලයා මෝටර් රථයෙන් බැස පින්කැටය කඩා මුදල් පැහැරගෙන එම රථයෙන්ම පිටත්ව යන අයුරු විහාරස්ථාන භූමියේ සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්වී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මෙම සොරකම පිළිබඳ සිදුකෙරෙන පරීක්‍ෂණවලට බදුල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ ‘ඩස්ටි’ගේ සහාය ද ලබාගෙන ඇත. පොලිස් නිල සුනඛ ‘ඩස්ටි’ මෙහෙයවා ඇත්තේ පොලිස් කොස්තාපල් ප්‍රියන්ත කුමාර (23691) මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd