IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැප රියෙන් ගොස් පිංකැට කැඩු දෙදෙනෙක් දැලේ

සම්පත් ප්‍රියනන්දන  



    
සුපිරි  වාහනයකින්  පැමිණ  විහාරස්ථානවල සවිකර ඇති  පිං කැට  කඩා  මුදල්  සොරකම්  කළ සංවිධානනාත්මක  කල්ලියක  පුද්ගලයන්  දෙදෙනෙකු   සුපිරි   වාහනයක්  සහ  සොරාගන්නා ලද  මාරුකාසි  මලු  පහක්  සමඟ අද  (18) බලන්ගොඩ නගරයේ දී  අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ  පොලිසිය පවසයි.


පසුගිය  දිනවල  බලන්ගොඩ ප්‍රදේශයේ  විහාරස්ථාන දහයකට  ආසන්න  සංඛ්‍යාවක    පිංකැට  කඩා   මුදල් සොරකම් කර ඇති බවට  පොලිසියට  පැමිණිලි   ලැබී  ඇත.

 
මෙලෙස  සොරගන්නා  ලද   මුදල්  මාරු  කිරිම  සඳහා  නගරයේ ඇති   මුදල් මාරුකරන    සුපිරි  වෙළඳසලකට   රැගෙන   යන  අවස්ථාවේදී   ලද  තොරතුරකට  අනුව    ඉතා  සුක්ෂම  ලෙස  පරික්ෂණ කර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 


මෙම  සුපිරි   වාහනය  වාහන  කුලියට දෙන ආයතනයකින්  කුලියට  ගෙන ඇති  බව  මුලික පොලිස්  පරික්ෂණ  වලදී හෙළිවී තිබේ.   

අත්අඩංගුවට ගත් සැකකරුවන්   කැබිතිගොල්ලෑව හා කලවාන  ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

   



අදහස් (1)

සැප රියෙන් ගොස් පිංකැට කැඩු දෙදෙනෙක් දැලේ

Mallika Wednesday, 18 July 2018 08:22 AM

සුපිරි වාහන වල ඉන්න අයයි...සුපිරි ගෙවල්වල ඉන්න අයයි තමා බාගෙට බාගයක් හොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site