IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අක්මීමණ ප්‍රා.සභාපතිට ඇප

(ඩී.ජී.සුගතගපාල)
අක්මීමණ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි මයික්‍රෆෝනය දිමට ප්‍රමාදවිම නිසා  අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයාට පහරදුන් බව කියන අක්මිමණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සුගත් ආනන්ද මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (18) නියෝග කළේය.


සැකකරුට දැඩිලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරයා සැම ඉරුදිනකම අක්මිමණ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසටද නියෝග කළ අතර ඇප කොන්දේසි උල්ලංඝණයකලොත් ඇප අවලංගු කරන බවද එනිසා ශරිර ඇපකරුවන්ට එය මුදලින් ගෙවිමට වත්කම් තිබෙන බවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.


ඉකුත් 9 වනදින  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අක්මිමණ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම පැවැත්වෙමින් තිබියදි සැකකරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක සමරරත්න යන අයගෙන් මයික්‍රෆෝනය ඉල්ලා තිබේ.


එම අවස්ථාවේ ඔහුට එය දිමට ප්‍රමාදවිම නිසා සැකකරු කාර්යාල කාර්ය සහායක වරයාට පහරදි තිබේ. පසුව එදින සවස පහරකෑමට ලක්වු කාර්යාල කාර්ය සහායකවරයා පොලිසියට පැමිණිලි කර ඇත. මෙහිදි සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සමථයකට පත්විමට කැමති බවය.

එහිදි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සමථවන්නේ නම් සමථවි ඊළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා කරන ලෙසය. වැඩිදුර විභාගය අගෝස්තු 8 වැනි දිනට කල් තැබීය.



අදහස් (0)

අක්මීමණ ප්‍රා.සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site