(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය අර්ධද්වීපයේ වගාකරුවන්ට සියයට පනහ දායකත්වය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව ලබා දි ඇති සූර්ය පැනල කට්ටල සියල්ලම සවිකළ දා සිට නිසි ප්‍රයෝජනක් ලබා ගැනීමට නොහැකිවීම නිසා අතහැර දමා ඇති බව ගොවීහු චෝදනා කරති .
පසුගිය 2017 වසරේ සිට 2018 අප්‍රේල් මස දක්වා කල්පිටි අර්ධද්වීපයේ මාම්පුරිය , එත්තාලේ , තලවිල , ගම්මාන කෙන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රදේශවල එළවළු සහ අනිකුත් වගාවන් වල නිරත වන ගොවින් 25 ක් සඳහා මෙම සූර්ය පැනල කට්ටල ලබා දි තිබුණේ විකල්ප බලශක්ති මගින් තම වගාවන්ට ජලය සපයා ගැනිමේ අරමුණ මුල් කර ගනිමිනි.
මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබූ අතර සූර්ය පැනලයක් රුපියල් ලක්ෂ හතරක (400,000.00) මිළට නම් කර තිබුණි. ඒ අනුව ගොවි මහතකු විසින් සියයට පනහ දායකත්වය යටතේ රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් ලබා දීම සිදු ව තිබූ බව කියයි.
ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පාලකුඩාව ප්‍රදේශයේ ගොවි මහත්මයකු වන සම්පත් මීලර් මහතා මෙසේ පැවසීය.
“ ලබා දි ඇති සූර්ය පැනල පිළිබඳව අපි තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවෙයි .මොකද මේ පැනල වලින් හොද ප්‍රථිපල තිබේන්නේ තදින් අව්ව තිබේන වේලාවට පමණයි . යන්තම් හරි වැහි කළුවක් තිබුනොත් කොහොමත් වැඩ නැහැ . අනික මෙහි විදුලිය ගබඩා කරන්න පහසුකම් නැහැ . වගාවන් වලට වතුර දාන වේලාවල් වලට මේ පැනලය වැඩ නැහැ . මොකද උදේ පාන්දර අපි වතුර දාලා 10 වෙනකොට නවත්වනවා ඒ කාලය තුළ අපිට සූර්ය පැනලයෙන් මොටර් වලට අවශ්‍ය විදුලි ධාරිතාව දෙන්නේ නැහැ . හැබැයි අපි වතුර දාන්නේ නැති දවල් 11 ඉදලා දෙක තුන වෙනකම් වැඩ .අපි කියන්නේ මේ නිසා මේ පැනල අපිට නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සකස් කර දෙන්න යැයි ඔහු පැවසීය.
මේ පිළිබඳව කළ විමසිමේදී දැනට සිදුව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් කෘෂීකර්ම ඇමැති සුමල් තිසේරා මහතා මෙසේ පැවසීය.
“ මේ සූර්ය පැනල කට්ටල වලින් සියයට සියයක් සාර්ථකයි කියලා අපි කියලා ගොවින්ට දුන්නේ නැහැ . මොකද යම් යම් ගැටළු තිබෙන්න පුළුවන්. සාර්ථක ප්‍රථිපල ගන්න නම් ලක්ෂ අටක් දහයක් සූර්ය පැනලයකට වියදම් කරන්න වෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රශ්ණය ඇතිවන බව දැනගෙන තමයි මම එදා මෙය මේ ආකාරයට නොව, net metering or net accounting යන ක්‍රමයකට යන්න යෝජනා කලේ. දැන් තවම ප්‍රමාද නෑ. සුභ පතනවා.
අව්ව තියෙන වෙලාවේ උස ටැංකියක් හදල වතුර ටික පොම්ප කර ගත්ත නම් හරිනේ?
ගැලපෙන අධි ධාරිතාවයක බැටරි පද්ධතියක් අදාළ දැනුම ඇති අයෙකු ලවා යා කර ගන්න.
ඔය පැනලය උඩ අගේට කරවල ටිකක් වේලාගන්න පුළුවන් නේද?
ඉතිං දෙයියනේ අව්ව තියෙන වෙලාවට තමයි සූර්ය පැනලයට විදුලිය නිපදවන්න පුළුවන් වෙන්නේ. මහ කලුවරේ කොහොමද විදුලිය නිපදවන්නේ?
මේ ඇමති කියල තියෙන්නේ හෙනගහන කතාවක්නේ. මිනිස්සුන්ට හරි දේවල් කියල නෙමේද මේවා දීල තියෙන්නේ. මහලොකුවට සියයට පනහක දායකත්වයක් කියනවා. කොහෙන් හරි කුණු ගොඩක් ගෙනල්ල එක හොදද නරකද කියල දන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ව රවට්ටලා එකෙනුත් ගසා කනවා. මේවට ගහන හෙන පරම්පරා ගානකට වදිනවා මේ හොරුන්ට.