IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාතලේ රෝහල අසළ වෙළෙදසල් ඉවත් කිරීමේදී කළබලයක්

 

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ රෝහල අසළ පිහිටා ඇති වෙළඳසැල් කිහිපයක් මාතලේ මහ නගර සභාවේ නිලධාරින් ඉවත් කිරිමට යාමත් සමඟ එම ස්ථානයේ දී අද (19)  දහවල් උණුසුම්කාරි තත්වයක් ඇති වු අතර පස්වරුවේ නැවත නගර සභා නිලධාරින් පැමිණ වෙළඳසල් බැකෝ යන්ත්‍ර දමා ඉවත් කිරිම සිදුවු අවස්ථාවේදී දැඩි උණුසුම් තත්වයක් යළි ඇති විය.

වසර 2007 දි මධ්‍යම පළාත් සෞඛ්‍ය හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති එවකට මාතලේ මහ නගර සභා අනුමැතිය යටතේ ඉදි කළ මෙම වෙළඳසල්වලින් නගර සභාව මගින් ගාස්තු ද අයකර ගෙන ඇති බව එම වෙළඳසල් හිමියෝ පැවසීය.

මාතලේ මහ නගර සභාවේ නිලධාරින් සහ මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් ඇතුළු පිරිසක් එම කඩ ඉවත් කිරිමට යාමේදී මෙම සිද්ධිය ඇති වු අතර කඩහිමියන් කියා සිටියේ මහ සභාවේ තීන්දුවට පටහැනිව මෙම තීන්දුව ගෙන ඇති බවත් වසර ගණනාවක් තිස්සේ මෙම වෙළඳසල් තමන් විසින් පවත්වාගෙන යන බවත් මේ පිළිබඳව පාලනයට පැමිණෙන බලධාරින් විසින් විවිධ අවස්ථාවලද තමන්ට හිරිහැර සිදු කරන බවත්ය.

මාතලේ මහ රෝහලේ රෝගින් පැමිණෙන වේලාවේ මෙම ඉවත් කිරිම් සිදු කිරිමට යාම නිසා හදිසි ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් සහ නේවාසික රෝගින් බැලිමට පැමිණි පිරිස් ද මේ නිසා දැඩි අපහසුතාවයට පත් වුහු.

කඩහිමියන් කියා සිටියේ මාර්ගයට අවහිරයක් නොමැතිව තමන් මේවා පවත්වාගෙන යන බවත් තමන්ටු විකල්පයක් ලබා දෙන ලෙසද පැවසිය.

වෙළඳසල් හිමියන් මෙම හදිසි ක්‍රියාවලියට දැඩි විරෝධය පළ කළ අතර පසුගියදා මහ සභාවේදී මෙම කඩ කඩා නොදමන බවට ගත් තීන්දු තීරණවල පිටපත් කිසිවක් සභාවේ නොමැති බවද ඇතැම් මන්ත්‍රීරු පැවසුහ.



අදහස් (0)

මාතලේ රෝහල අසළ වෙළෙදසල් ඉවත් කිරීමේදී කළබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site