රොමේෂ් මධුෂංඛ
යුද සමයේදී අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හි දී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති හෙයින් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා අද (18) මුලතිව්හි දී උද්ඝෝෂණයක් පැවත්විණි.
මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහ මණ්ඩපය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.
උද්ඝෝෂණයට එක්වූ අතුරුදන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ,
‘යුද්ධය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබාදීමට පැවති රජයන්ට මෙන්ම වත්මන් රජයට ද නොහැකි වී ඇති බවටයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd