(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.
අද (15) උදෑසන සිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය, හැටන් මස්කෙළිය බගවන්තලාව මාර්ගය අවට අතුරු මාර්ගයන්හි ගිනිගත්හේන නොටන්බ්‍රිජ් මාර්ගයෙත් මෙම ඝණ මිදුම් තත්ත්වය පවති.
ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝණ මීදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැළකිළිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ඝණ මිදුම් තත්ත්වයත් සමඟ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අධිත සුළං තත්ත්වයක් සහ කඩින්කඩ අධික වර්ෂාව පතිත වෙයි.



2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීදුමෙන් හැටන්-නුවරඑළි මාර්ගයේ ගමනා ගමනයට බාධා