(ඩබ්.ඒ පියතිලක)
කවුඩුල්ල ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුල් වි වල් ඌරෙකු වෙඩි තබා ඝාතනය කර රැගෙන යමින් සිටි අයෙකු සහ යතුරු පැදි දෙකක් ඇතුඑ ඝාතනයට යොදාගත් උපකරණ රැසක් උද්‍යානය තුළදි අද (16) දින අත්අඩංගුවට ගත් බව කවුඩුල්ල ජාතික උද්‍යාන භාරකරු ප‍්‍රදිප් කුමාර හෙටිටිආරචිචි මහතා කියයි.
උද්‍යාන නිළධාරින් මු සංචාරයේ යෙදි සිටියදි උද්‍යානයට තුළ පිරිසක් දුවන අයුරු දැක ලුහුබැද ගොස් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරිමේදී තමන් ඇතුඑ තව හතර දෙනෙකු වල් ඌරෙකු මැරු බවසා පවසා තිබේ.
ඒ අනුව මරණ ලද ඌරා පිහි දෙකක් මෙරට නිෂ්පාදනය කරන ලද තුවක්කු සදහා භාවිතා කරන ලද උණ්ඩ පහක් , ටොචි 04ක් සහ යතුරු පැදි දෙකක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මින්නේරිය රොටවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පලාගිය හතර දෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් සහාය මත අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් පවතින බවයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා සහ ඝාතනය කරන ලද වල්ඌරා අතුඑ උපකරණ බකමුණ සංචාරක අධිකරණයේ මහෙස්ති‍්‍රත් එන් එස් ජි සනත් නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු නඩු දිනයක් නියම කර සැකකරු ශරිර ඇපමත මුදාහැරිමට නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd