(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගර සභාව විසින් අම්පාර බස් නැවතුම්පොලේ බදු නොගෙවු වෙළෙඳසල් 16 ක් අද සීල් තබනු ලැබිය.
මෙම වෙළදසල් වලින් රුපියල් ලක්ෂ තිස්පහක හිඟ මුදලක් ලබා ගැනිමට තිබු අතර ව්‍යාපාරිකයින් එය නොගෙවිම නිසා අම්පාර නගර සභාවේ මාසික රැස්විමේදි සියලුම මන්ත්‍රිවරුන් විසින් ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙම වෙළදසැල් සීල් තැබීමට පියවර ගත් බව අම්පාර නගර සභාවේ සභාපති චමින්ද සුගත් මහතා පැවසීය.
වෙළදසැල් සීල් තැබිමට සුදානම් වෙන අවස්ථාවේ සමහර ව්‍යාපාරිකයින් හිඟ මුදල් ගෙවා සීල් තැබිම නතර කරගත් බවද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd