රෝවන් පෙරේරා
තබ්බෝව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු වලට ජලාශයේ පවතින ජලය ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දීලීප හෙට්ටිආරච්චි මහතා පවසයි.
පැවති අධික වර්ෂාවත් සමඟ අක්කර අඩි 15,400 ක ජල ධාරිතාවක් රඳවන තබ්බෝව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල යෑම හේතුවෙන් සියලු වාන් දොරටු විවෟත කිරීමට සිදුවීය.
මාස එක හමාරක පමණ කාලයක් ගත වන විට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 10,000 කට වඩා අඩුවීම තුල අවධානම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ජලය අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්නා ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
වසර දෙකක නියඟය හමාර කරමින් වැසි පතිත වීමත් සමඟ කන්න හතරක් කෘෂිකර්මාන්තයේ නිරතවීමට නොහැකිව සිටී ගොවින් කන්න රැස්වීම් පවත්වා නිලධාරීන්ගේ උපදෙස් මත කුඹුරු අක්කර 2500 ආසන්න ප්‍රමාණයක් වගාකර තිබේ.
වැසි සහිත කාලගුණය පහව යෑමත් සමග වැව්,අමුණු, ජලාශවල ජල මට්ටම ඉතාමත් සීඝ්‍රයෙන් පහත වැටීමට පටන් ගෙන ඇත.දැඩි හිරු රශ්මියත් , සුලං තත්වයත් ,වන සතුන් මෙන්ම ජල ව්‍යාපෘති සඳහා තබ්බෝව ජලාශයේ ජලය ලබා ගැනීමත් වැනි හේතූන් නිසා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම සිදුවන බව වරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කලේය.
අස්වද්දා ඇති කුඹුරු වලට තවමත් මාස එක හමාරක්වත් නොමැති බවත් ඉදිරියට මාස දෙකක් පමණ ජලාශයේ ජලය කුඹුරු වලට මුදා හැරීමට සිදුවන බවත් වර්ෂා පතනයක් නොලැබුණහොත් මාස දෙකක් පමණ ගත වන විට ජලාශයේ ජලමට්ටම අඩුම මට්ටමකට පහත වැටෙන බවත් ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තබ්බෝවේ ජලය කුඹුරු වලට මදී