IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රිලාගලයාය වැනසුවොත් මරාන්තික උපවාසයක් - ගැටමාන්න විහාරාධිපති හිමි

තරිඳු ජයවර්ධන
 
අධිවේගය සඳහා කළු ගල් කැඩීමෙන් බෙලිඅත්ත රිලාගලයාය පාරිසරික පද්ධතියට වන හානිය සලකා බලා වහාම රිලාගලයාය කඳු පන්තිය බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැටමාන්න රාජ මහා විහාරාධිපති හකුරුවෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ.
 
රිලාගලයායේ ගල් ගැඩීමට කොතරම් උත්සාහ කළ ද ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් එක්ව කඳුපන්තිය සුරැකීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව ද ඒ හිමියෝ කීහ.
 
ගැටමාන්න රාජ මහා විහාරාධිපති හකුරුවෙල පඤ්ඤාසේකර හිමියන් එලෙස පැවසුවේ අද (16) මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමි. රිලාගල යාය සුරැකීමේ එකමුතුව සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය එය සංවිධානය කර තිබිණි.  
 
‘අපේ ඉල්ලීම්වලට කන් නොදී රිලාගලයාය වනසන්නට යම් ආයතනයක් උත්සාහ කරනවා නම් අපි මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ‘ යැයි ද පඤ්ඤාසේකර නාහිමියෝ කීහ. 
 
රුහුණ විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත හා සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී එල් ඒ එස් ශම්මික මහතා  ද   , රිලාගල යාය සුරැකීමේ සංවිධානයේ නිහාල් ඉන්ද්‍රජිත් මහතා ද එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.



අදහස් (0)

රිලාගලයාය වැනසුවොත් මරාන්තික උපවාසයක් - ගැටමාන්න විහාරාධිපති හිමි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site