රොමේෂ් මධුෂංඛ
වව්නියාව,කුරුදුපිටිය රක්ෂිත සීමාවේ ඇතිවු ගින්නකින් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ කිසියම් පුද්ගලයකු හේන් වගා කිරීමට කැළෑවකට ගිනි තැබීම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශය ව්‍යාප්ත වී ගිනිගෙන කැළෑව විනාශ වී ඇති බවයි.
මේ දිනවල පවතින වියළි හා සුළං කාළගුණ තත්වය හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වී ගොස් ඇති අතර ගින්න සම්බන්ධයෙන් වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයට දැනුවත් කිරීමෙන් පසුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සහයෝගය හා පොලිස් ජල බවුසර යොදා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.
ගිනි තැබීම සිදුකළ පිරිස සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය ප්‍රකාශ කළ අතර, වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd