(දිලීප් ජයසේකර)
කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දඩ මස් ලබාදීම සඳහා දඩයමේ යමින් සිටි පුද්ගලයකු සෙල්ලකතරගම ගෝතමීගම සමෘර්ධිවැව අසලදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී ඇත්තේ කතරගම හා අවට හෝටල් වලට පැමිණෙන වන්දනාකරුවන්ට දඩ මස් ලබා දීමට දඩයමේ යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd