මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානුවන් සිව් දෙනෙක් බේරාගනිති ගාල්ල වරායේ සිට කිලෝ මීටර් 200ක් පමණ දුරින් බෝට්ටුව අනතුරට පත්වීම නිසා මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ජාතික ධීවරයින් සිව් දෙනෙකු බේරා ගෙන මේ වනවිට ගොඩ බිමට ගෙන එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ නාවික කඳවුර පවසයි. 05 July 2018
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට 05 July 2018
පාර මාරු වෙන්න ගිය අයෙක් කාර් රථයක ගැටී මරුට හලාවත පුත්තලම මාර්ගයේ බත්තළුඔය ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවීමට ගිය පුද්ගලයකු කාර් රථයක ගැටීමෙන් තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව උඩප්පුව පොලිසිය පවසයි. 05 July 2018
ඉන්දීය ධීවරයන් 12 ක් අත්අඩංගුවට උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අද (5) අලුයම කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 July 2018
මාඔය රක්ෂිතයේ හොරෙන් වැලි කැපු 4 ක්අත්අඩංගුවට මැටිකොටුව සිකුරුගිරිය ප්‍රදේශයේ මාඔය රක්ෂිතයට අයත් ස්ථානයක හොර රහසේ කිසිදු බලපතක් නොමැතිව වැලි කපමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 05 July 2018
යතුරු පැදියේ පෙර පාසල් ගිය දරුවා ලොරියේ ගැටී මරුට කුලියාපිටිය නගරයේ ඉගෙනුම ලබන පෙර පාසලට සිය මාමා සමඟ ඔහුගේ යතුරු පැදියේ නැගී යමින් සිටි සිව් හැවිරිදි සිගිති දරුවකු යතුරු පැදිය ලොරියක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති අතර යතුරු පැදිකරුද බරබතල තුවාල සහිතව කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි. 05 July 2018
සාලියවැවදී කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට සාලියවැව පොලිස් වසමට අයත් නගරවැව ප්‍රදේශයේ දී අද (4) හදිසි වැටළීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 162ක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 04 July 2018
රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ගුවන් හමුදාවට එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව සංවිධානය කළ හොඳම වෙබ් අඩවි තේරීමේ තරඟයෙන් රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවියට හිමිව ඇත. 04 July 2018
මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට මසුන් මැරිම සඳහා යොදා ගැනීමට “වෝටර් ජෙල්“නැමැති පුපුරණ ද්‍රව්‍ය කරල් 170ක් සන්තකයේ තබාගත් දෙදෙනෙකු ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදීන් මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය. 04 July 2018
මල්වතු ඔය සුද්ධ කරයි මල්වතු ඔය වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි ඉවුරු සේදී ගොස් ජලාශය ගොඩ වී ඇති අතර, විශාල ගස් වැටී මල්වතු ඔය අවහිර වීම හා කැලිකසල මල්වතු ඔය දෙපස රැදී තිබීම හේතුවෙන් ඔය ගොඩ වී ඇත. 04 July 2018
වතු නිලධාරියාට එරෙහිව වතුකම්කරුවන් උද්ඝෝෂණයක වතු කේෂ්ත්‍ර නිලධාරීවරයකු පරුෂ වචන කියමින් වැඩ කටයුතුවලට උපදෙස් ලබාදීමට විරෝධය පා ආගරපතන, හෝමුඩ් වතුයායේ කම්කරු කාන්තාවන් පිරිසක් අද (4) උද්ඝෝෂණයක නිරත වුහ. 04 July 2018
මාදම්පේ වැවකින් මළ සිරුරක් හමුවෙයි මාදම්පේ - තිණිපිටි වැවේ දිය පැන්නුමේ තිබී අද (4) හමුවූ පිරිමි මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහලට රැගෙන යන ලෙස මාදම්පේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්.ටී.අබේකෝන් මහතා මාදම්පේ පොලීසියට නියෝග කළේය. 04 July 2018
නිවස තුළ යුද උපකරණ ගබඩා කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ පිහිටි නිවෙසක් තුළ යුද උපකරණ ගබඩා කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු යුද හමුදා සෙබළෙකු අද (4) පුලස්තිගම, සෝමපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි. 04 July 2018
වවුනියාවේ සමෘද්ධි නිලධරයෝ 7 කගේ වැඩ තහනම් කරති වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හත්දෙනකු අද (4) සිට සේවය අත්හිටවූ බව වවුනියාව දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය පවසයි. 04 July 2018
නිවසට හොරෙන් පැන ආ තරුණිය බදුල්ලේදී පොලීසියට අසුවෙයි යාපනයේ තෙලිප්පනේ වාසවිලාන් හි පදිංචි අවුරුදු 19 ක් වයසැති තරුණියක් ගෙරදට හොරොන් පැනවිත් සිටියදී බණ්ඩාරවෙල කාන්තාවක් අද (4) ඇය පොලිසියට බාර දී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 04 July 2018
රජරට සිසු සත්‍යග්‍රහය දිගටම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසටත් ආපන ශාලා සහ ගොඩනැගිලි පහසුකම් සලස්සවන ලෙසටත් එම විශ්ව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අද (04)දිනට දින 14 ක් ගතව තිබේ. 04 July 2018
උණු තේ කෝප්පයක් ඇඟේ හැලීමෙන් දැරියක් රෝහලේ උණු තේ කෝප්පයක් සිරුරේ හැළිමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු එක හමාරක දැරියක් අද (04 ) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 04 July 2018
චන්දනගම රක්ෂිතයේ නිදන් හාරමින් සිටි තිදෙනෙක් අල්ලයි කලංකුට්ටිය චන්දනගම රජයේ රක්ෂිතයක නිදන් හාරමින් සිටි හිටපු යුද හමුදා සහ නාවික හමුදා භටයන් සමඟ තිදෙනෙකු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි. 04 July 2018
පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට පාසල් දරුවන් සහ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජ මිශ්‍ර මදන මෝදක ගුලි 1700 ක් සමඟ සැකකරුවෙක් මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 July 2018
මන්නාරමේ පාසලක බඹර කූඩු 26 ක් ඉවත් කිරීමට පියවර මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ පිහිටි පාසලක බැඳ තිබූ බඹර වද හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වීමත් සිසුන්ට ඹඹර ප්‍රහාර එල්ල වීමත් හේතුවෙන් පාසලේ බැඳ තිබූ බඹර කූඩු 26 ක් කඩා ඉවත් කිරීමට පාසලේ විදුහල්පති ඇතුළු මන්නාරම් නගරසභාව විසින් පියවර ගනු ලැබුහ. 04 July 2018
මත්ද්‍රව්‍යට එරෙහිව යාපනයේ රාජ්‍ය සේවකයෝත් වීදි බසිති යාපනය දිස්ත්‍රීක්කයේ මත් උවදුර හිස ඔසවා ඇති හෙයින් මත් උවදුර සහමුලින්ම දුරු කරන ලෙසට ඉල්ලා කරයෙනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය සේවකයන් විරෝධතා පාගමනක් සංවිධානය කෙරිණි. 04 July 2018
යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි යාපනය දිස්ත්‍රීක්කයේ පවතින අයහපත් වාතාවරණය යථා තත්වයට පත්වන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රීක්කයේ රාජකාරි කටයුතු වල නිරත සියලුම නිලතල දරන පොලිස් නිලධාරීන් ඇතුළු 04 July 2018
යාපනයේ ආවා කල්ලි ප්‍රහාරයෙන් දෙදෙනෙකුට තුවාල යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්‍රදේශවලදී රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය හා චුන්නාගම් පොලීසිය පවසයි. 04 July 2018
මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරින් උද්ඝෝෂණයක මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (3) මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ. 03 July 2018
පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගනී යාපනය කන්කසන්තුරෙයි පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරී ගිනි අවියෙන් ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත. 03 July 2018
අ’පුරේ ගුරුවරයකුට පහර දුන්නැයි විරෝධයක් අනුරාධපුර විද්‍යාලයක ගුරුවරයකුට එම විද්‍යාලයේ සිසුවියකගේ පියෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අද (3) පාසල් ගුරුවරු පනහකට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව සිය විරෝධය පළකර සිටියේය. 03 July 2018
යාන් ඔය ජලාශයේ ඉදිකිරිමේ අවසන් අදියරේ යාන් ඔය හරස් කරමින් මෙරට ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශය ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර එය සැප්තැම්බර් මාසයේදි ජලයෙන් පිරවිමටද නියමිතය. 03 July 2018
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 5 දෙනාට ඇප ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවියකට අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි 03 July 2018
අ’පුර මහාධිකරණයේ ත්‍රස්තවාදී ප්‍රහාර නඩු විභාග කිරිම පළාත් බද මහාධිකරණයට අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළ මෙතෙක් කලක් විභාග වෙමින් තිබූ ත්‍රස්තවාදී ප්‍රහාර වලට සම්බන්ධ සියළු නඩු විභාග කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කර තිබේ. 03 July 2018
දකුණු සබේ පස්වැනි සැසිවාරය ඇරඹෙයි දකුණු පළාත් සභාවේ හත්වැනි සභාවේ පස්වැනි සැසිවාරය දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් අද (3) විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය. 03 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026