ජුඩ් සමන්ත
මාදම්පේ - තිණිපිටි වැවේ දිය පැන්නුමේ තිබී අද (4) හමුවූ පිරිමි මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහලට රැගෙන යන ලෙස මාදම්පේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්.ටී.අබේකෝන් මහතා මාදම්පේ පොලීසියට නියෝග කළේය.
මිය ගොස් ඇත්තේ මාදම්පේ - හලාවත පාර පදිංචිව සිටි අහමඩ් ජලාල්දීන් මොහොමඩ් නිහාර්දීන් (අවු:67) නම්වූ අයෙකි.
මාදම්පේ - තිණිපිටිය වැවේ දිය පැන්නුමේ මළ සිරුරක් තිබෙනු දැක ඇති අයෙක් ඒ බව මාදම්පේ පොලීසියට දැනුම් දීමෙන් පසුව විමර්ශන කටයුතු සිදු කරන ලදි. මිය ගොස් ඇති අය අවිවාහක අයෙකු බවත්,ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බවත් එහිදී හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd