ලලිත් නවරත්න
හලාවත පුත්තලම මාර්ගයේ බත්තළුඔය ප‍්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවීමට ගිය පුද්ගලයකු කාර් රථයක ගැටීමෙන් තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව උඩප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මුන්දලම කාර්තන් විල්ලූව ප‍්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ඩේවිට් බැසිල් ප්‍රනාන්දු නැමති 46 හැවිරිද දෙදරු පියෙකි.
බත්තුළුඔය ප‍්‍රදේශයෙන් රාත‍්‍රී ආහාර සඳහා මිලට ගෙන නිවස වෙත යාම සඳහා ප‍්‍රධාන මාර්ගය හරහා මාරු වීමට යාමේදී පුත්තලම දෙස සිට හලාවත දෙසට ගමන් ගත් කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd